gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මීට පස්සේ ෆේස්බුක් බලන්න සිංදු අහන්න මගෙන් ඉඩ නැහැ - හතුරුසිංහ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව පුහුණුකරුවා ලෙස පත්වූ චන්දික හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමඟ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩා පිටියේදී ඊයේ (28දා) පළමු පුහුණු සැසියට සහභාගි වූ අතර, පුහුණු සැසියෙන් අනතුරුව මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හතුරුසිංහ පැවැසුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ මානසිකත්වය
ඉහළ නැංවීම සඳහා ඉදිරියේදී මනෝ වෛද්‍යවරයකුගේ සේවය ලබාගන්නා බවයි.

"මම ඕස්ට්‍රේලියාවේ සිඩ්නි තන්ඩර් කණ්ඩායම පුහුණු කරන අවධියේදී මයික් හසී තමයි මට ෆිල් ජෝන්ස් නම් මනෝ වෛද්‍යවරයා මුණ ගැස්සුවේ. ඔහු (ෆිල් ජෝන්ස්) ඕස්ට්‍රේලියානු බේස්බෝල් හා රග්බි කණ්ඩායම්වල මනෝ වෛද්‍යවරයා ලෙස කටයුතු කරන නිසා ඔහුගෙන් විශාල සේවයක් වෙයි කියන විශ්වාසය මත මම බංග්ලාදේශය පුහුණු කරන කාලයේදීත් ඔහුව යොදවා ගත්තා. එයින් අපි ලොකු දියුණුවක් ලැබුවා. ඒ නිසා ඉදිරියේදී වසරකට 4 වරක් වගේ ඔහුගේ සේවය අපි ලබාගන්න සැලසුම් කරලා තියෙනවා. ඒ වගේම සමහර සංචාරවලදීත් ඔහු යොදවා ගැනීමට බලාපොරොත්තු වෙනවා" යැයි පැවැසූ හතුරුසිංහ ඊයේ සිදුවූ පුහුණුවීම් සම්බන්ධයෙන්ද අදහස් දැක්වීය.
"මම මෙතැනදී ලබා දුන්නේ මූලික දැනුමක් විතරයි. ඔවුන්ට නිදහසේ පන්දුවට පහර දෙන්නත්, නිදහසේ පන්දු යවන්නත් මම අවස්ථාව ලබා දුන්නා. මේ අයගේ දක්‍ෂතා ගැන අමුතුවෙන් බලන්න දෙයක් නැහැ. ඒ දක්‍ෂතා මතුකරගැනීමට උදවු දීමයි කළ යුත්තේ. ඒ අයගේ ලොකු උනන්දුවක් තියෙනවා. කොහොම වුණත් මගේ ලොකුම ඉලක්කය 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය. එය ඉලක්ක කරගෙනයි මම පුහුණුවීම් කරන්නේ.

පසුගිය කාලයේදී ක්‍රීඩකයන් පුහුණු කිරීමේදී භාෂා දැනුම ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ප්‍රශ්නයක් වුණත් මෙවර එයින් යම් වාසියක් සිදුවනවා නේද යන්න විමසීමේදී හතුරුසිංහ පැවැසුවේ තමන් දෙන පණිවිඩය ඔවුන්ට තේරුම් ගැනීමට හැකිවීම යම් වාසියක් බවත්, එසේ තේරුම් ගැනීමට නොහැකි නම් නැවත ඇසීමටත් ඔවුන්ට අවස්ථාව සැලසී ඇති බවත්ය.
ලසිත් මාලිංග අවසන් 23 දෙනා අතරට නොසිටියද ඔහු පුහුණුවීම් සඳහා පැමිණීම සම්බන්ධයෙන්ද අදහස් දැක්වූ හතුරුසිංහ පැවැසුවේ මෙවැන්නකි. "ඔහු දැඩි කැපවීමෙන් තමන්ගේ යුතුකම් ඉටුකරන කෙනෙක්. ඔහු පුහුණුවීම් කළේ ඔහුගේ පෞද්ගලික තරගාවලියක් සඳහා වෙන්න ඇති. කොහොම වුණත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ඕනෑම ක්‍රීඩකයකුට මෙතනට ඇවිත් පුහුණුවීම් කරන්න නිදහස තියෙනවා"

මේ අතර ඉදිරියේදී සංගක්කාර, මහේල හා මුරලිගෙන් විශාල සේවයක් ලබාගැනීමට අදහස් කර ඇති බවත්, ඔවුන්ගේ අදහස් තමන්ට ඉතාමත් වැදගත් බවත් පැවැසූ හතුරුසිංහ තරගාවලියක් යන අතරතුරදී නිසියාකාරව පුහුණුවීම් නොමැතිව තරගයට පිවිසීම හා නිදිවරාගෙන ෆේස්බුක් යෑම, සිංදු ඇසීම වැනි විනයට අදාළ කරුණු සම්බන්ධයෙන් ඉදිරියේදී ගන්නා පියවර සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේදී හතුරුසිංහ පැවැසුවේ "ඉස්සරහට නම් එහෙම වෙන්නේ නැහැ. සිංදු ඇහුවොත් ගෙදර යන්න වෙනවා" යනුවෙනි.
"මින් පෙර සිද්ධ වුණ දේවල් ගැන මට කතා කරන්න අමාරුයි. මොකද මම ඒ ගැන දන්නේ නැහැ. ඒ අය දන්නවා මම ඒ අයගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද කියලා. ඉදිරියේදී බලන් ඉන්න මොනවද වෙන්නේ කියලා" යනුවෙන්ද හතුරුසිංහ කීය.

කෙසේ වෙතත් ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනස් නොකළද තරගාවලියක් අතුරතුර තමන්ට කණ්ඩායමේ අවසන් 11 දෙනා තෝරාගැනීමට මැදිහත් විය හැකි බවද හතුරුසිංහ මහතා සඳහන් කළේය.

මෙම පුහුණුසැසිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු රුමේෂ් රත්නායක, පිතිකරණ පුහුණුකරු තිලාන් සමරවීරද එක්ව සිටියහ.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka