gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අද ඉඳලා උපරිම මිලක් නියම වන අත්‍යවශ්‍ය භාණ්ඩ හතර මෙන්න

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට පාරිභෝගික සේවා අධිකාරිය තීරණය කර තිබෙනවා.

එහි සභාපති හසිත තිලකරත්න මහතා කියා සිටියේ ඒ අනුව පොල්, පරිප්පු, ආනයනික අර්තාපල් සහ කරවල සඳහා මෙලෙස උපරිම සිල්ලර
මිලක් නියම කර ඇති බවයි.

ඒ අනුව පොල් ගෙඩියක මිල රුපියල් 75ක් ලෙසත් පරිප්පු කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 130ක් ලෙසත් උපරිම සිල්ලර මිලක් නියම කර ඇති බවද ඔහු ප්‍රකාශ කළා.

එමෙන්ම ආනයනික අර්තාපල් කිලෝ ග්‍රෑමයක උපරිම සිල්ලර මිල සටහන් කර ඇත්තේ රුපියල් 76ක් ලෙසයි.

මෙම ආහාර ද්‍රව්‍ය වල උපරිම සිල්ලර මිල ඇතුලත් ගැසට් නිවේදනය අද නිකුත් කරන බවද පාරිභෝගික සේවා අධිකාරියේ සභාපතිවරයා සඳහන් කළා.

ජීවන වියදම් කමිටුවේදී ගනු ලැබූ තීරණයකට අනුව මෙම මිල තීරණය කිරීම් සිදුකර ඇති අතර මේ සම්බන්ධයෙන් ඊයේ රැස්වූ අමාත්‍ය මණ්ඩලයේදීද සාකච්ඡා කර තිබෙනවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka