gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මඩු රක්ෂිතයේ මහ පරිමාන පලු දැව ජාවාරමක්

මන්නාරම් මඩු රක්ෂිතයේ පූමාලන්දාන් කැලෑවේ පවත්වාගෙන ගිය රහසිගත පලු දැව ජාවාරමක් මඩු අඩවි වන නිලධාරීන් හා ගනේෂ්පුරම් පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්  විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අදාල දැව ජාවාරම පිළිබඳව ලැබුනු බුද්ධි තොරතුරකට අනුව මඩු අඩවි වන නිලධාරීන් හා ගනේෂ්පුරම් පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලාරීන් විසින් පූමාලන්දාන් කැලෑවේ සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී කැලෑවෙන් කපන ලද පලු ගස් ඉරමින් සිටියදී සැකකරුවන් තිදෙනෙකුද දැව ඉරීම සඳහා යොදාගත් උපකරණ තොගයක්ද සමග අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මන්නාරම් අධිකරණයට ඉදිරිපත් කිරීමට මඩු අඩවි වන නිලධාරීන් පියවර ගෙන ඇත.

පලු දැව ජාවාරම අත්අඩංගුවට ගැනීම සඳහා මඩුඅඩවි වන නිලධාරී අයි.ඒ.එස්. යාපා මහතාගේ අධීක්ෂණයෙන් වන නිලධාරීන් වන සී.ධර්මසේන,කාරියවසම් හා කරුනාරත්න යන අයද ගනේෂපුරම් පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ අණදෙන නිලධාරී පොලිස් පරික්ෂක කේ.වී.ඒ .ජයවීර මහතාගේ මූලකිත්වයෙන් එහි නිලධාරීන් වන අයි.ඕ.එස්. පුස්පකුමාර ඒ.එස්.වැරණියගොඩ, ආර්.එස්.සෝමතිලක , 24658 අසේල , 75828 ගජනායක, 78612 තෙන්නකෝන් , 789262 කුමාර, 75986 හේරත් යන අය සහභාගී වී ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka