gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ආහාරවල තිබී වීදුරු කටුවක් ඇනිලා නැදුන්ගමුවේ ඇතාගේ කට තුවාල වෙලා

ශ්‍රී දළදා සමිඳුන් උදෙසා ජූජෝපාහාරයක් ලෙසින් වාර්ෂිකව පවත්වන මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ සාධාතුක කරඬුව වැඩමකිරීමේ භාග්‍යය හිමිවන්නේ පෙරපින් ඇති මංගල හස්තිරාජයකුටම පමණකැයි යන විශ්වාසයක් බෞද්ධ ජනතාව අතර පවතී.

මිනිසුන්ගෙන් පවා වැඳුම් පිදුම් ලබන්නට තරම් සධාතුක කරඬුව
වැඩමවන හස්තිරාජයා භාග්‍යයවන්ත බැවිනි. එවන්වූ භාග්‍යවන්තකමකට හිමිකම් කියන්නේ නැඳුන්ගමුවේ රාජා ය.ඒත් රාජා මෙවර අසනීප තත්වයක් නිසා පසුගියා දා අවසන් වූ දළදා මාලිගාවේ පෙරහැරට සහභාගි නොවිණි.

නඳුන් ගමුවේ සද්දන්තයා නොසිතූ ලෙස අනතුරකට මුහුණ දී තිබේ. පසුගියදා කටාන ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති ආගමික උත්සවයක පෙරහැරකට සහභාගී වීමට යන අතරතුර මිනුවන්ගොඩ දාගොන්න ප්‍රදේශයේ රජු ගිමන් හැරීම සඳහා නතර වී තිබේ.. එම ස්ථානයේ තිබූ තණකොළ ආහාරයට ගන්නා විට විදුරු කැබැල්ලක් හැපීම නිසා ඇත් රජුගේ මුඛය තුවාල වී තිබේ . ඉන් පසු වහාම ඇත් රජුට ප්‍රතිකාර ලබා දී එම ස්ථානයෙන් පිටත් වූ බව වාර්තා වෙයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka