gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රියැදුරන්ගේ සංගමය අද මැදියම් රෑ සිට දුම්රිය වර්ජනයක..

දුම්රිය ලොකොමෝටිව් රියැදුරන්ගේ සංගමය අද (06දා) මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක නිරතවීමට තීරණය කර තිබේ. එම සංගමයේ ‍ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා පැවසුවේ දුම්රිය රියැදුරු සහායකයින් බඳවා ගැනීම සම්බන්ධව බලධාරීන් ගෙන ඇති තීරණයට විරෝධය දක්වමින් වර්ජනය ක්‍රියාත්මක කරන බවයි. මෙම ගැටලුව පිළිබඳව ඉකුත් මාස කීපයේදීම දිගින් දිගටම සාකච්ඡා පැවැත්වුණු බවත් අවසන් වරට
ජනාධිපති ‍ලේකම්වරයා සමග පැවැති සාකච්ඡාවේ දී ඒ සම්බන්ධයෙන් කමිටුවක් පත්කර ඇති බවත්ය. එම කමිටු වාර්තාව එළිදැක්වීමට පෙර දෙපාර්තමේන්තුව හොර රහසේ සහායකයින් බඳවා ගැනීමට සම්මුඛ පරීක්ෂණ පවත්වා ඇති අතර එය නීති විරෝධී බව ද ‍ලේකම්වරයා අවධාරණය කළේය. වැඩවර්ජනය අඛණ්ඩව කරගෙන යන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

තිලක් පුෂ්පකුමාර



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka