gossip lanka

බෝකුන්දර හොර නෝට්‌ටු කම්හල මීගමුවෙන් ගොස්‌ වටලයි

පිළියන්දල බෝකුන්දර ප්‍රදේශයේ නිවසක පවත්වාගෙන ගිය ව්‍යාජ මුදල් නෝට්‌ටු මුද්‍රණය කිරීමේ ජාවාරමක්‌ වැටලූ මීගමුව පොලිසිය රුපියල් දහසේ සහ පන්සියයේ ව්‍යාජ නෝට්‌ටු තොගයක්‌ සමග මෙම ජාවාරමේ මහ මොළකරු පෙරේදා (24 දා) අත්අඩංගුවට ගෙන ඇත.

 මෙම සැකකරු පිළියන්දල නිවසේදී මුද්‍රණය කළ රුපියල් දහසේ සහ
පන්සියයේ නෝට්‌ටු මීගමුව නගරයේ ස්‌ථාන කීපයකදී මාරු කරමින් සිටියදී මීගමුව පොලිසියේ අපරාධ අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක හේරත් මහතා ඇතුළු නිලධාරීන් පිරිසක්‌ විසින් අත්අඩංගුවට ගෙන ඇත.

 සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමෙන් පසුව පිළියන්දල ව්‍යාජ නෝට්‌ටු මුද්‍රණාලය වැටලීමට හැකිවී ඇත. සැකකරු සතුව තිබී ව්‍යාජ දහසේ නෝට්‌ටු 14 ක්‌ පන්සියේ නෝට්‌ටු 3 ක්‌ ඒවා මුද්‍රණය කිරීමට යොදාගත් පරිගණක, ප්‍රින්ටර් සහ ස්‌කෑන් යන්ත්‍රයක්‌ද පොලිසිය භාරයට ගෙන ඇත.

 මීගමුව මූලස්‌ථාන ප්‍ර.පො.ප. ඒ. වුඩ්ලර්, පො.ප. හේරත්, උ.පො.ප. රජිත දිසානායක යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්‍ෂණ සිදුකරති.


gossip lanka