gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අඩුවට ගෙවල් හදන වතුකර සක්විති කොටු

රුපියල් ලක්‍ෂ 37ක අංග සම්පුර්ණ නිවසක් රුපියල් ලක්‍ෂයක මුදලකට ඉදිකර දෙන බවට තම ගිණුමට මුදල් බැරකරගෙන මුදල් වංචා කළේ යැයි කියන පුද්ගලයකු බගවන්තලාව පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

එම සැකකරු සහ සැකකරුගේ දියණීය විසින් බගවන්තලාව ප‍්‍රදේශයේ
වතුකම්කරුවන් කිහිපදෙනකුට නිවසක සැලසුම පෙන්වා ගිවිසුමක් ඇති කර ගැනිමට රුපියල් ලක්‍ෂයක මුදලක් ලියාපදිංචි ගාස්තු වශයෙන් ගෙවන ලෙස පවසා ඇත.

එම ලියාපදිංචි ගාස්තුව සැකකරුගේ ගිණුමට වතුකම්කරුවන් කිහිපදෙනකු විසින් බැරකර මාස කිහිපයක් ගතවි ඇතත් එම නිවස ඉදිකර දිම හෝ ඔවුන් ලබාදුන් දුරකථන අංක වලට ඇමතුමක් පවා ලබා ගැනිමට නොහැකි වීම පිළිබදව සැක සිතූ වතු කම්කරුවන් ඔවුන් ලබා දුන් කොළඹ ප‍්‍රදේශයේ ලිපිනයට ගියද ඔවුන් සොයා ගැනිමට නොහැකිවු බවට පොලිසියට පැමිණිලි කර ඇත.

මෙම සිද්ධියට සම්බන්ධ ප‍්‍රධාන සැකකරු හැටන් ප‍්‍රදේශයේ අවශ්‍යතාවයකට පැමිණී අවස්ථාවේ ලියාපදිංචි ගාස්තු ලබා දුන් වතුකම්කරුවකු විසින් ඔහුව හදුනාගෙන ඔහුව බලහත්කාරයෙන් රැගෙන ගොස් බගවන්තලාව පොලිසියට භාර දි ඇත.

(රංජිත් රාජපක්‍ෂ)



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka