gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අම්මා බැන්නැයි පුතා කාමරය තුළට දිව ගොස් දිවි නසාගනී

අම්මා බැන්නැයි කියා පුතෙකු දිවි නසාගැනීමේ පුවතක් මැදවච්චියෙන් වාර්ථා වෙයි. මැදවච්චිය, දුටුවැව ඇටවීරගොල්ලෑව ප්‍රදේශයේ දී 14 හැවිරිදි දරුවෙකු මෙලෙස සියදිවි නසා ගෙන ඇත. පෙරේදා (03දා) සවස අම්මා සමඟ ඇතිවු කතා බහක් දුර දිග යෑමෙන් අම්මා බැන වැදීම නිසා මෙලෙස දරුවා කාමරය තුළ ට ගොස් දිවි තොරකරගෙන ඇත. දරුවා
රෝහල වෙත රැගෙන යන විටත් මිය ගොස් සිටි බවත් මේ වන විට මෘත ශරීරය මැදවච්චිය රෝහලේ තැන්පත් කර ඇත.

පුහුදිවුල විද්‍යාලයේ ඉගෙනුම ලබා ඇති මෙම දරුවාට තවත් සොහොයුරියන් දෙදෙනෙකු සිටියි. මෙලෙස මවුපියන් තරවටු කර අවවාද දුන් විට බල වයස් දරුවන් සිය දිවි නසා ගැනීම මේ වන විට රැල්ලක් වී ඇත.

පසුගිය දිනක මේ අයුරින්ම 10 හැවිරිදි දැරියක් දිව තොර කර ගත් අතර දරුවන් කීප දෙනකු නිවසින් පැන ගිය අවස්ථාද වාර්තා විය.

මේ අවාසනාවන්ත ප්‍රවනතාව සමාජයෙන් දුරු කිරීමට  මවුපියන්, ගුරුවරුන්, ආගමික නායකයින් මෙන්ම සමාජයේ වගකිව යුතු පුද්ගලයින් කඩිනමින් ක්‍රියා මාර්ග ගත යුතුව ඇත.

නො එසේ නම් මේ මවගේ මෙන් තවත් මවුවරු සිය ගණනකගේ කඳුළු බැලීමට හෙට දිනයේ අපට සිදු වනු ඇත.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka