gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඡන්දෙ දවස්වල බෙදන බඩුවලට ස්ටිකරයක්. මැකෝ කියයි

පළාත් පාලන ඡන්දය පැවැත්වෙන දිනය තෙක් මැති ඇමැතිවරුන්, දේශපාලන සංවිධාන ඇතුළු වෙනත් සංවිධාන මඟින් ජනතාව අතර බෙදා දෙන සියලුම භාණ්ඩවල ස්ටිකරයක් ඇලවීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කරයි.

 මෙම ද්‍රව්‍ය ඔබ වෙත ලබා දෙන්නේ මහජනතාවගෙන් අය කරගෙන ඇති බදු මුදල්වලිනි' මැතිවරණ කොමිෂන් සභාවේ පණිවුඩයකි' යනුවෙන් එම
ස්ටිකරයෙහි සඳහන් කරන බව එම කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.

අපේක්‍ෂක ප්‍රවර්ධනය සඳහා ප්‍රදර්ශනය කෙරෙන ප්‍රචාරක පෝස්ටර් මතද මැතිවරණ දෙපාර්තමේන්තුවේ පෝස්ටරයක් අලවන බවද සභාපතිවරයා සඳහන් කරයි.

එම පෝස්ටරය මත 'මෙය නීති විරෝධී පෝස්ටරයකි' යනුවෙන් සඳහන් පෝස්ටරය අලවන බවද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා පැවැසීය.

මැතිවරණ නීති උල්ලංඝනය කරන අයට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කෙරෙන බවද සභාපතිවරයා අවධාරණය කෙළේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka