gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අඩු පීඩන කලාපය තවදුරටත් වර්ධනය වෙන ලකුණු

ශ‍්‍රී ලංකාවට බලපෑම් කළ හැකි බව කියන දකුණු අන්දමන් දූපත් ආසන්නයේ වර්ධනය වී ඇති අඩු පීඩන කලාපය මේ වනවිට ශ‍්‍රී ලංකාවේ සිට නැගෙනහිර දෙසින් කිලෝමීටර් 1350ක් පමණ දුරින් ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශයේ ස්ථානගත වී තිබෙනවා.

නවතම ගෝලීය ගණිතමය ආකෘති පුරෝකතනවලට අනුව මෙම අඩු
පීඩන කලාපය ඉදිරි පැය 24 තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමට ඉඩ ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

ඉදිරි දින 03 හෝ 04ක කාලයේ දී මෙම පද්ධතිය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශය හරහා ඉන්දියාවට ළඟාවනු ඇතැයි ද අනාවැකි පළ වනවා.

ශ‍්‍රී ලංකාවට එහි බලපෑම සිදුවිය හැක්කේ හෙට දිනයේ සිටයි.

සිදු වෙමින් ඇති වෙනස්කම් නිතර නිතර අධ්‍යයනය කරන බවද ඒ අනුව කිසියම් අනතුරුදායක තත්වයක් හඳුනාගතහොත් ඒ පිළිබඳ වහාම දැනුම් දෙන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.

මේ වනවිට හඳුනාගෙන ඇති තත්වයන්ට අනුව ඉදිරි දින කිහිපයේදී බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශයේ සහ රටවටා මුහුදු ප‍්‍රදේශවල සුළඟේ වේගය වැඩිවිය හැකි බව කාලගුණ අනාවැකියේ සඳහන් වනවා.

බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශයේ සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70 හෝ 80 දක්වා වැඩිවිය හැකියි. රටවටා ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප‍්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60ක් හෝ 70ක් දක්වා වැඩිවිය හැකි බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

ධීවර සහ නාවික ප‍්‍රජාව මේ පිළිබඳ ඉතා විමසිලිමත් විය යුතු බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියේ.

ගොඩබිම් ප‍්‍රදේශවල ද සුළඟේ වේගය පැයට කිලෝමීටර් 50ක් හෝ 60ක් දක්වා වැඩිවිය හැකි බව කාලගුණ අනාවැකියේ සඳහන් වනවා.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka