gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

යාපනයේදී මාධ්‍යවේදියෙකුට ප්‍රහාරයක්!

යාපනයේ සේවය කරන ගුවන් විදුලි ප්‍රදේශීය මාධ්‍යවේදියෙකුට ඊයේ (02) දින සවස යාපනය චාවාකච්චෙරිය නගරයේදී පුද්ගලයින් දෙදෙනෙකු විසින් පහර දී පලාගොස් තිබෙනවා.

පහර දීමට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු ත්‍රීරෝද රථයකින් පැමිණ මාධ්‍යවේදියාට පහරදී පලා ගොස් ඇති අතර දිගින් දිගටම තමන්ට පහර
දුන් අවස්ථාවේදී අසල තිබූ දේවස්ථානයක් වෙත දිව ගොස් දිවි බේරා ගත් බවයි වාර්තා වන්නේ.

ප්‍රහාරයට ලක්වූ මාධ්‍යවේදියාව චාවාකච්චෙරිය පොලිසියට පැමිණ මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් කොට ඇති අතර පහරදීම සම්බන්ධයෙන් චාවාකච්චෙරිය පොලිසියෙන් සිදු කරන ලද විමසීමකදී කියා සිටියේ මෙම ත්‍රී රෝද රථය මාර්ගයේ තවත් රථයක් ඉස්සර කිරීමට යාමේදී ඇති වූ බහින්බස් වීමක් දුර දිග යාමෙන් මෙම පහරදීම සිදුව ඇති බවයි.

කෙසේවෙතත් අද දිනයේදී අදාළ පාර්ශව දෙකටම පොලිසියේ පෙනීසිටින ලෙසට දැනුම් දී ඇති බවද වාර්තා වනවා.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka