gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජෙමිනිඩ් නම් උල්කාපාත වර්ෂාවේ උච්ඡතම අවස්ථාව අද

2017 වර්ෂයේ වඩාත් හොඳින්ම දර්ශනය වන උල්කාපාත වර්ෂාව අද රාත්‍රියේ දිස්වන බව ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය පවසනවා.

සෑම වසරකම දෙසැම්බර් 07 සිට17 දක්වා කාලය තුළ දිස්වන ජෙමිනිඞ් නම් උල්කාපාත වර්ෂාවේ උච්ඡතම අවස්ථාව අද රාත්‍රියේ උදා වන බවයි
ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය සඳහන් කරන්නේ.

එම නිසා එම උල්කාපාත වර්ෂාව ශ්‍රී ලංකාවට හොදින් දර්ශනය වන බව සඳහන්.

අද රාත්‍රි  09.00න් පසු නැගෙනහිර අහසේත්, මධ්‍යම රාත්‍රියට ආසන්නයේ දී අහස මුදුන දෙසිනුත්, අළුයම් කාලයේ දී බටහිර අහස දෙසිනුත් කඩාහැලෙන තරු මෙන් දිස්වන උල්කාපාත වර්ෂාව දැකගත හැකයි.

උල්කාපාත වර්ෂාව නැරඹීමට සුදුසුම වේලාව හෙට අළුයම 02.00ත් 04.00ත් අතර කාලය බවයි ග්‍රහලෝකාගාරය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

පැයකට උල්කාපාත 120ක් පමණ ඇද හැලෙන උල්කාපාත වර්ෂාව පියවි ඇසින් නැරඹිය හැකි බවයි බ්‍රිතාන්‍ය රාජකීය තාරකා විද්‍යා සංගමයේ තාරකා විද්‍යාඥ අනුර සී. පෙරේරා මහතා ප්‍රකාශ කළේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka