පළාත්පාලන ආයතන 93 ක් සඳහා නාමයෝජනා භාරදීමට ලබාදී ඇති කාලය අද මධ්‍යහ්න 12 න් අවසන් වන බව මැතිවරණ කොමිසන් සභාව පවසනවා.
අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම්. මොහොමඩ් කියා සිටියේ ඒ
අනුව ඉතිරි පළාත්පාලන ආයතන 248 සඳහා නාමයෝජනා කැඳවීම ලබන 18 වනදායින් ආරම්භ කරන බවයි.
මේ අතර තලවකැලේ - ලිඳුල නගර සභාවේ හිටපු නගරාධිපති අශෝක සේපාල ඉදිරි පළාත්පාලන මැතිවරනයේදී ලිදුල නගර සභාවට ස්වාධීනව තරඟ කිරීමට තීරණය කර තිබෙනවා.
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකුගේ බලපෑම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි ඔහු ඊයේ නාමයෝජනා භාරදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත කියා සිටියේ.
එහිදී ඔහු එම ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරයා තමන්ට බැණවදින ආකාරය පටිගත කළ හඬ පටයක්ද මාධ්‍ය වෙත සවන්දීමට සළස්වනු ලැබුවා.
එමෙන්ම මැදිරිගිරිය - සමගිපුර ප්‍රදේශයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවෙකුගේ යතුරුපැදි දෙකකට කිසියම් පිරිසක් ගිනි තබා විනාශ කර තිබුණේ පෙරේදා රාත්‍රියේදියි.
සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ වෙඩිකච්චිය ශාඛා සමිති සභාපති එම්.එම්. චන්ද්‍රකුමාර කියා සිටියේ එක්සත් ජාතික පක්ෂ හිටපු මන්ත්‍රීවරයෙකු වන තම සොහොයුරෙකු විසින් මෙම ගිනි තැබීම සිදුකර ඇති බවටයි.
කෙසේ වෙතත් එල්ලවන චෝදනා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රීවරයෙකු වන ඒ.ඩී. සමන්ත පෙරේරා ගෙන්ද හිරු ප්‍රවෘත්ති අංශය විමසා සිටියා.
එහිදී ඔහු සඳහන් කළේ තමන් මීට කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.
නාමයෝජනා අද මධ්‍යහ්න 12න් අවසන්
2017-12-14T08:29:00+05:30
Gossip Lanka Hot News
slide|