gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ගම්පොළ සිනමා ශාලාවක ඉහළ මාලයේ ගණිකා මඩමක්‌.

ගම්පොළ සිනමා ශාලාවක ඉහළ මාලයේ පවත්වාගෙන ගිය - ගණිකා මඩමක්‌ වටලා කතුන් 2 ක්‌ හා කළමනාකරු අත්අඩංගුවට බාල වයස්‌කාර පෙම්වතුන් හට ලබාදෙන ගම්පොළ නගරයේ සිනමා ශාලාවක ඉහළ මාලයේ හොර රහසේ

පවත්වාගෙන ගිය කාමර දෙකකින් සමන්විත ස්‌ථානයක්‌ ඊට යාබද
ලැගුම්හලක ගණිකා සේවයේ යෙදුණු කාන්තාවන් දෙදෙනකු සමඟ එහි කළමනාකරු ගම්පොළ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

කොට්‌ඨාස බුද්ධි අංශ තොරතුරු මත කොට්‌ඨාස දූෂණ මර්දන අංශය මඟින් උපාය දූතයන් යොදවා මෙම ස්‌ථාන දෙක වටලා ඇත.

ගම්පොළ නගරයේ කහවත්ත, දොළුව මාර්ගයේ පිහිටි මෙම සිනමා ශාලාව වෙත එන පෙම්වතුන්ට මෙහි ඉහළ මාලයේ සකස්‌ කර ඇති කාමර ලබාදෙන බව අනාවරණය වී ඇති අතර චිත්‍රපට නොපෙන්වන අවස්‌ථාවල මෙම ස්‌ථානය තුළ හා ඊට යාබද ලැගුම්හල තුළ මෙම ගණිකා මඩම පවත්වාගෙන ගොස්‌ ඇත.

මල් නමින් (ෆ්ලවර් රෙස්‌ට්‌) හඳුන්වන මෙම ලැගුම්හල හා ඒ සමඟ ඇති සිනමා ශාලාව වෙත ජෝඩු රැගෙන එන ත්‍රිරෝද රථ සඳහා වෙනම ගාස්‌තු ක්‍රමයක්‌ ද ඇති බව පොලිස්‌ පරීක්‌ෂණ වලින් අනාවරණය වී තිබේ.

කාලයක්‌ තිස්‌සේ පවත්වාගෙන යන මෙම ස්‌ථානය සඳහා ස්‌ථිර ගණිකාවන් කීප දෙනකුම සිටින අතර ඔවුන් අතුරින් සමහරකු ඉතා දුර බැහැර කාන්තාවන් වන අතර ගම්පොළ නගරයේ අවට බෝඩිං වී මෙම වෘත්තීයේ නියෑළෙන බව ද අනාවරණය වී ඇති අතර චිත්‍රපට බැලීමට එන පෙම්වතුන් නොමැති අවස්‌ථාවල එම කාමර මෙසේ ගණිකා ජාවාරම සඳහා යොදාගෙන ඇති බවට අනාවරණය වී ඇත.

ගම්පොළ කොට්‌ඨාස බාර පොලිස්‌ අධිකාරි නුවන් මෙන්ඩිස්‌, සහකාර පොලිස්‌ අධිකාරි චන්ද්‍රසේන බණ්‌ඩාර යන මහත්වරුන්ගේ උපදෙස්‌ මත උ. පො. ප. රත්නායක, උ. පො. ප. ධනපාල, පො. සැ. (33128) දිසානායක, පො. සැ. (63128) වීරරත්න, පො. කො. වරුන් වන (31413) යාපා, (45154) සරත්, (47173) ඉලංගරත්න, (46606) රවීන්ද්‍ර, (39152) සිසිර, (83837) කීර්ති, (84274) ඒකනායක, (89938) බණ්‌ඩාර, කා. පො. කො. (5601) මැණිකේ යන නිලධාරීහු මෙම වැටලීම සිදුකළහ.

ගම්පොළ - සුරංග දිල්හාන්


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka