අතිකාල දීමනාද සහිතව දුම්රිය රියදුරෙකු මසකට රුපියල් 226,000 ක වැටුපක් ලබාගන්නා බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය ඇමති අශෝක අබේසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (11) පැවසීය.
“දුම්රිය රියදුරන්ගේ වැටුප රුපියල් 10,000 න් වැඩිකළාම මේ අවුරුදු
දෙකට රුපියල් 22,000 න් පඩිය වැඩිවෙලා තියෙනවා. 2020 වෙද්දි රුපියල් 54,000 න් පඩි වැඩිවෙනවා.“
“ඔවුන් අතිකාල දීමනා එක්ක මාසෙකට රුපියල් දෙලක්ෂ විසි හයදාහක් ( 226,000 ) විතර පඩිගන්නවා. සමහර අය ලක්ෂ දෙකක් නැත්නම් එක්ලක්ෂ හැත්තැපන්දහසක් (175,000 ක්) ගන්නවා.“
“දුම්රිය රියදුරෙක් පැය අටක් වැඩකරනවා. පැය නවයක් විවේක කාලයක් තිබෙනවා. ඒ විවේක කාලය පැය නවයට එක පැයකට පැය එකහාමාර ගානේ පැය 600 ක් අතිකාල ගන්නවා“ යැයී කී අමාත්‍යවරයා එසේ තිබියදී මෙලෙස වැඩවර්ජනය කිරිම අසාධාරණ බවද කීවේය.
දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවන් බවට ප්‍රකාශයට පත්කරමින් ජනාධිපතිවරයා විසින් නිතුක්කරන ලද ගැසට් නිවේදනය පිළිබඳ විවාදයට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී මේබව කීවේය.
දුම්රිය රියදුරෙකුගේ මාසික ආදායම 225,000 යි - නියෝජ්‍ය ඇමැති
2017-12-12T09:36:00+05:30
Gossip Lanka Hot News
slide|