gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සාමාන්‍ය පෙළ විභාගය ඇරඹෙයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අදින් ආරම්භ වනවා.

නව සහ පැරණි විෂය නිර්දේශ යටතේ අදාළ විභාගය ලබන 21 වන දා දක්වා පැවැත්වීමට නියමිත බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.

සාමාන්‍ය පෙළ විභාගය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ
නිවේදනයක් ද නිකුත් කර තිබෙනවා.

විභාගය පෙරවරු 8.30 ට ආරම්භ වන අතර, පෙරවරු 8 ට පෙර සියලුම අයැදුම්කරුවන් නියමිත විභාග මධ්‍යස්ථානය වෙත පැමිණිය යුතු බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

විභාගයට පෙනී සිටිීම සඳහා විභාග ප්‍රවේශ පත්‍රය සමග ජාතික හැඳුනුම්පත හෝ වලංගු විදේශ ගමන් බලපත්‍රය අනිවාර්යයෙන් රැගෙන යා යුතුයි.

ප්‍රවේශපත්‍රයේ යම් ගැටළුවක් පවතින්නේ නම් ඒ සම්බන්ධයෙන් වහාම විභාග දෙපාර්තමේන්තුව වෙත දැනුම් දෙන ලෙසයි අධ්‍යාපන අමාත්‍යාංශය අයැදුම්කරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ.

මේ අතර, විභාගයේදී අයැදුම්කරුවන් විද්‍යුත් උපකරණ මගින් විභාග වංචා සිදු කරන්නේද යන්න පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය විසින් විභාග ශාලාධිපතිවරුන් දැනුවත් කර ඇති බව සඳහන්.

විභාගය සම්බන්ධයෙන් කිසියම් ගැටළුවක් හෝ අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් දැනුම්දීම සඳහා විභාග දෙපාර්තමේන්තුවේ ක්‍ෂණික ඇමතුම් අංකය වන 1911 අංකය ඇමතිය හැකියි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka