gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වැරැදුණු කාලගුණ අනාවැකි ගැන ධීවරයෝ නොසතුටෙන්.

ගෙවුණු දින 3ක කාලය තුළදී අයහපත් කාලගුණික හේතූන් මත මුහුදු යෑමෙන් වළකින්නැයි නියෝග කිරීම හේතුවෙන් උතුරු මුහුදු තීරයේ මසුන් ඇල්ලීමට නොහැකි වීම නිසා තමන්ගේ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වී ඇති බව

 උතුරේ ධීවරයෝ කියා සිටිති. උතුරේ ධීවරයන් රැසක් කියා සිටියේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් කියූ අයුරින් උතුරු මුහුදට තද
සුළං සහිත මුහුදු රැල්ලක් ඇති නොවුණු බවත් සාමාන්‍ය පරිදි සුළඟක් පමණක් ඇතිවූ බවත් කාලගුණ දෙපාර්තමේන්තුව විසින් කියූ පරිදි කිසිදු බලපෑමක් ඇති නොවූ බවත්ය.

ඇතැම් ධීවරයන් දින 3ක් පමණ මුහුදු යෑමෙන් වැළැකී සිටීම නිසාවෙන් ඔවුන්ගේ දෛනික ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වූ අතරම එසේ ආර්ථිකයට බලපෑම් එල්ල වීම හේතුවෙන් අවදානම නොතකා මුහුදු ගමන් ගිය ධීවරයන් පිරිසකටද එරෙහිව නීතියෙන්ද කටයුතු කිරීම නිසා එම ධීවරයන් තවත් අසීරුතාවන්ට පත්වූ බවද උතුරේ ධීවරයෝ කියා සිටිති.

මුලතිව් දිස්ත්‍රික්කයේ මුහුදු ගමන් යන ධීවරයන් විසින් සිය ධීවර යාත්‍රා ගොඩටම ගෙන කඹ මාර්ගයෙන් මාර්ගවල තිබූ බෝක්කුවලද ගැටගසා තිබූ අයුරු දැක ගන්නට ලැබිණි. උතුරට අයහපත් තත්ත්වයක් ඇතිවේ යැයි යන අවදානම නිසාවෙන් උතුරේ සියලුම ආපදා කළමනාකරණ නිලධාරීන් හා දිසාපතිවරුන් මෙන්ම ආරක්ෂක අංශ නිලධාරීන්ද විශේෂ රැස්වීම් පවත්වා සාමාන්‍ය වැසියන්ගේ ආරක්ෂාව හා සහන සලසන අයුරු පිළිබඳ පෙරේදා (05දා) සහ ඊයේ (06) දිනයන්හි සාකච්ඡාද පවත්වනු ලැබීය

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka