gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මැතිවරණයක් කැඳවා තිබියදී තැපෑල වර්ජනය නොකරනු

රටපුරා මැතිවරණයක් ප්‍රකාශයට පත් කර තිබෙන මෙවැනි අවස්ථාවක තැපැල් දෙපාර්තමේන්තුවේ සේවකයන් වර්ජනයකට අවතීර්ණ නොවන බවට තමාට විශ්වාසයක් ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය. මැතිවරණ පනතේ සඳහන් පරිදි එම කටයුතු සිදු කිරීම කළ යුත්තේ තැපැල් දෙපාර්තමේන්තුව මගින්ය.
එබැවින් තැපැල් සේවකයන් කරුණු අවබෝධ කරගෙන මේ වර්ජනයට නොයයි යන්න තමා සිතන අතර, එසේ කළහොත් වෙනත් විකල්පයක් සොයා ගැනීමට සියලු දෙනා උත්සුක වනු ඇතැයි හෙතෙම වැඩි දුරටත් කීය.

බඳවා ගැනීමේ පරිපාටියේ මතුවී තිබෙන ගැටලුවක් සම්බන්ධයෙන් ජනවාරි මාසයේ මුල් සතියේ වැඩවර්ජනයකට යෑමට බොහෝ දුරට ඉඩ තිබෙන බව තැපැල් සේවක ඒකාබද්ධ වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා ‘දිනමිණ‘ට පැවැසීය. මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ මේ ගැටලුවට විසඳුමක් ලබාදීම පිළිබඳ පාලන අධිකාරිය දැනුවත් කරමින් දින දාහතරක කාලයක් ලබාදී තිබුණු අතර, එය ඉකුත් 28 දායින් අවසන්වී තිබෙන බවයි. ඒ නිසා කිසියම් මොහොතක මේ වැඩ වර්ජනය සිදුවිය හැකි බව අවධාරණය කළේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka