gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඇස්බැස්ටස් රටවල් 55ක තහනම් !

තාවකාලිකව තහනම ඉවත් කළ ඇස්බැස්ටස් යුරෝපා සංගමය ඇතුළු රටවල් 55ක් විසින් මේවන විට තහනම් කර ඇතැයි වාර්තා වේ.

ඇස්බැස්ටස් තහනමට හේතුවී ඇත්තේ 1900 මුල් භාගයේදී ඇස්බැස්ටස් පතල්වල සේවය කළ කම්කරුවන් බහුතරයක් පෙනහළු හා සම්බන්ධ රෝගවලින් මියාමය.

ඇස්බැස්ටස්වල අඩංගු සමහර රසායන ද්‍රව්‍ය ආහ්වාසයෙන් පසු දිගු
කාලයක් පෙනහළුවල තැන්පත්වීම නිසා ඒවා පිළිකාබවට පත්වන බවද වෛද්‍යමතය වී තිබේ.

එළඹෙන ජනවාරි 01 වැනිදා සිට ශ්‍රී ලංකාවේද ඇස්බැස්ටස් ආනයනය, භාවිතය හා නිෂ්පාදනය තහනම් කිරීමට පියවර ගෙන තිබිණි.

කෙසේවුවද, පසුගියදා අදාළ තීන්දුව තාවකාලිකව ඉවත් කිරීමට කටයුතු කළේය.

එය ඉවත් කිරීමට තීරණය කරනු ලැබුවේ ලංකාවට ඇස්බැස්ටස් ආනයනය කරනු ලබන ප්‍රධාන රටක්වන රුසියාව විසින් මෙරට තේ ආනයනය කිරීමට තහංචි පැනවීම නිසා බව මේ වන විට පොදු පිළිගැනීම වී තිබේ.

ලොව ඇස්බැස්ටස් නිෂ්පාදනයෙන් හරි අඩකට වඩා වැඩියෙන් සිදුකරනු ලබන්නේ රුසියාව විසින් වන අතර මෙරට ‌ළෙඳපොලට ආනයනය කරනු ලබන ඇස්බැස්ටස් වලින් 25%ක් ආනයනය කරනු ලබන්නේද රුසියාවෙනි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka