gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඉන්දීය කාර් මිලත් ජනවාරි සිට මිල ඉහලට

මෝටර් රථයක් මිල දී ගැනීම සඳහා මෙම දෙසැම්බර් මාසය ඊට සුදුසුම කාලය බවත්, එළඹෙන වසරේ සිට මෝටර් රථ මිල ඉහළ යන බවත් ‘ද ටයිම්ස් ඔෆ් ඉන්දියා‘ පුවත් සේවය වාර්තා කර සිටී.

මීට හේතුව ලෙස එම පුවත් සේවය අනාවරණය කර සිටින්නේ, බොහෝ මෝටර් රථ නිෂ්පාදකයින් විසින් එළඹෙන 2018 ජනවාරි මාසයේ සිට තම
නිෂ්පාදිත මිල ඉහළ දමනු ලබන බවට දැනටමත් නිවේදනය කර ඇති බවයි.

මෙම තත්ත්වය තුළ හොන්ඩා, ටාටා මෝටර්ස්, ෆෝඩ්, මහින්ද්‍රා ඇන්ඩ් මහින්ද්‍රා, හුන්ඩායි සහ වොක්ස්වැගන් යනාදී නිෂ්පාදන සමාගම් විවිධාකාර වූ ප්‍රතිලාභ ගණනාවක් ද සමගින් ඉන්දියානු මුදලින් රුපියල් 35,000 සිට රුපියල් ලක්ෂය දක්වා වන මිල අඩු කිරීම් ප්‍රකාශයට පත් කර තිබේ.

පසුගිය වසර කිහිපය දෙස අවධානය යොමු කිරීමේ දී සෑම වසර අවසානයක දීම, ඉන්දියානු මෝටර් රථ නිෂ්පාදන සමාගම් සිය නිෂ්පාදිතවල මිල ගණන් පහළ දැමීමක් දෙසැම්බර් මාසය තුළ සිදුකර තිබෙන අතර එහිදී අහිමි වන ආදායම ප්‍රතිපූරණය කර ගැනීම එළඹෙන වසරේ ජනවාරි මාසයේ දී මිල ඉහළ දැමීම් තුළින් සිදුකර ගෙන තිබේ.

මෙම තත්ත්වය සම්ප්‍රදායිකව මෙම වසරේ දී දැක ගත හැකිවනු අතර ටොයෝටා 3% කින්, මහින්ද්‍රා ඇන්ඩ් මහින්ද්‍රා 1.5-3%, හොන්ඩා 1-2%, ෆෝර්ඩ් 1-3% කින් සිය නිෂ්පාදිත මිල ගණන් එළඹෙන ජනවාරියේ සිට ඉහළ දමනු ලබන බව දැනටමත් ප්‍රකාශයට පත් කර තිබේ.

– biz.adaderana.lk


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka