gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලංකාවට පැනවූ ජත්‍යන්තර බැඩ්මින්ටන් තහනම ඉවත්කරයි

ශ්‍රී ලංකා බැට්මින්ටන් සංගමයට පනවා තිබූ තහනම ඉවත් කරන බව ලෝක බැට්මින්ටන් සම්මේලනය දැනුම්දී තිබේ.

ලෝක බැට්මින්ටන් සම්මේලනය ඒ බව නිල වශයෙන් ක්‍රීඩා අමාත්‍යාංශය දැනුම් දී ඇත.

මේ සම්බන්ධයෙන්, ක්‍රීඩා අමාත්‍යවරයා ඇතුලු නියෝජිතයින් කිහිප
දෙනෙකු සහ ලෝක බැට්මින්ටන් සම්මේලනයේ සභාපතිවරයා අතර පසුගිය දා පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළඹි බව ක්‍රීඩා අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.

තහනම ඉවත් කර ගැනීම නව නිලවරණය පැවැත්වෙන තුරු ශ්‍රී ලංකා බැට්මින්ටන් සංගමය සඳහා අතුරු කමිටුවක් පත් කිරීමට යෝජනා කර ඇති බව ද වාර්තා වේ.

ක්‍රීඩා නීතියට පටහැනිව සහතික කරන ලද විගණන වාර්තා ලබා දීමකින් තොරව, පසුගිය මාර්තු 24 වන දා ශ්‍රී ලංකා බැට්මින්ටන් සංගමයේ නිලවරණය පැවැත් විය.

එය මෙරට ක්‍රීඩා නීතියට පැටහැනිවීම හේතුවෙන් ක්‍රීඩා අමාත්‍යවරයා, බැට්මින්ටන් සංගමයේ ලියාපදිංචිය අත්හිටුවා එය ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල්වරයා යටතට පත්කර නිලවරණය පැවැත්වීමට කටයුතු කළේය.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka