gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

තරංග ඉදිරියේ කුමාර් සංගක්කාර අසරණ වෙයි

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියේ පළමු තරගය මීට ස්වල්ප මොහොතකට පෙර අවසන් වුනා. ඒ පසුගිය වසරේ ශූරයන් වූ ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායම සහ ස‍යිල්හෙට් සික්සර්ස් කණ්ඩායම අතර‍යි.
එහිදි ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායම කඩුලු නවයකින් පහසුවෙන් පරාජය කළ ස‍යිල්හෙට් සික්සර්ස් කණ්ඩායමට තරගාවලියේ පළමු ජය අත්වූ අතර එම කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස ක්‍රීඩා කළ ශ්‍රී ලංකා සීමිත පන්දු වාර කණ්ඩායම්වල නායක උපුල් තරංග තරගයේ වීරයා සම්මානයට පාත්‍ර වීම විශේෂය.

නසීර් හුසේන් ගේ නායකත්වයෙන් යුත් සයිල්හෙට් සික්සර්ස් කාසිය වාසිය දිනාගෙන මුලින් පන්දු යැවීමට තීරණය කළ අතර ඒ අනුව පන්දුවට පහරදීමට පැමිණි ඩකා ඩයිනමයිස්ට් කණ්ඩායමට සාර්ථක වීමට ඉඩ ලැබුනේ නැහැ.

ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායමට සිය පන්දුවාර විස්ස තුළ කඩුලු හතක් දැවි රැස් කර ගතහැකි වූයේ ලකුණු 136ක් පමණයි , කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූ කුමාර් සංගක්කාර ලකුණු 32ක් රැස් කළේ පන්දු 28කට මුහුණු දෙමින්, ඔහුගේ ඉනිමට හයේ පහරක් සමග හතරේ පහරවල් තුනක් අන්තර්ගත වුනා.

පිළිතුරු ඉනිම ක්‍රිඩා කිරීමට පැමිණි සයිල්හෙට් සික්සර්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු උපුල් තරංග මුල සිටම පන්දු යවන්නන්ට පහර දෙමින් සිය කණ්ඩායම ජය මාවතට කැදවා ගෙන ගියා, ඒ අනුව පන්දුවාර 16ක් සහ පන්දු පහක් අවසානයේ ලකුණු 137ක් ලබා තරගයේ ජයග්‍රහනය පහසුවෙන්ම හිමි කර ගැනීමට සික්සර්ස් කණ්ඩායම සමත් වුනා.

පන්දු 48ක් තුල නොදැවි ලකුණු 69ක් ලබා ගත් උපුල් තරංග තරගයේ වීරයා සම්මානය හිමි කර ගත් අතර ඔහුගේ ඉනිමට හයේ පහරවල් දෙකක් සහ හතරේ පහරවල් පහක් අන්තර්ගතව තිබුනා.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka