පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන ඊයේ බඩු මල්ලක් රැගෙන ඒකාබද්ධ විපක්ෂය සංවිධාන කර තිබූ මාධ්‍ය හමුවට එක්වුණා. ඔහු රැගෙන එනු ලැබූ බඩු මල්ලෙහි පොල්, අල, ළුෑණු, කරවල ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක් තිබූ
බවයි මාධ්‍ය හමුවට එක්වූ අප වාර්තාකරු සඳහන් කළේ. එහිදී මාධ්‍ය
හමුවේ අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මෙලෙස අදහස් පළ කළා.
මේ වනවිට ව්‍යවස්ථා බංකරයට මුවාවෙලා ජනතාවගේ බඩට ගහන තත්ත්වයකට නූල කැඩුන සරුංගලයක් ලෙසට සියලුම භාණ්ඩ හා සේවාවන්ගේ මිල ගණන් ඉහළ ගොස් ජීවන වියදමේ අර්බුදය නොවූ විරු ලෙස ඉහළ ගොස් තිබෙනවා. මේ කුඩා පොල්ගෙඩිය රුපියල් 90, හාල් කිලෝවක් රුපියල් 100ට වඩා වැඩියි. 2016 අයවැය ලේඛණයේ මුද්‍රණය කරපු භාණ්ඩ වර්ග 11 න් වැඩි ප්‍රමාණයක අද වනවිට සියයට සියයටත් වඩා මිල ඉහළ ගොස් තිබෙනවා. ඒ නිසා 2016 අයවැය ලේඛණයෙන් සම්පූර්ණ ප්‍රෝඩාකාරි අයවැයක් ඉදිරිපත් කරපු බව මොනවට පැහැදිලි ද... බඩු මිලට ප්‍රධාන වරදකරු හිටපු මුදල් ඇමති. මොකද එතුමාගේ අයවැය ලේඛණය සම්පූර්ණ ඉලක්කම් හරඹයක්. ව්‍යාජයක්. ඒ නිසා අපි ඉදිරිපත්වන අයවැය ලේඛණයෙන් අලූත් මුදල් ඇමතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ මේ හිටපු මුදල් ඇමතිවරයා කරපු ප්‍රෝඩාව කරන්න එපා. හිඟන්නන්ට වෙසක් පෝයට පවුඩර් දානවා වගේ පැලැස්තරවාදී විසදුම්වලින් රටේ ජනතාවගේ ජීවන වියදමේ ප්‍රශ්නයට විසදුම් සොයන්න බැහැ.’
වැඩිදුරටත් මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා.
මූල්‍ය කළමනාකරණයේ අවුරුදු 3ක් වෙච්ච වැරැද්ද කොයි ආකාරයට නිවැරදි කරන්නේ කියන එක අපි ඒකාබද්ධ විපක්ෂය විදිහට කල්පනාකාරිව බලාගෙන ඉන්නවා. ජේ.ආර් ජයවර්ධන සත 25 තිබුණ හාල් සත 70 දක්වාත් සීන් තැපැල්, යනාදී වැඩි කිරීම යෝජනාව කිරීමත් සමග පාර්ලිමේන්තුව වටලලා 13 දෙනෙක් මැරුන සිද්ධිය තමයි 53 හර්තාලය කියලා කියන්නේ. මේක තමයි අයවැය යෝජනවල පසුගිය ඉතිහාසයේ ස්වභාවය. ඒ නිසා 9 වැනිදාට මේ කරපු ජාතියේ බොරුවක් පාර්ලිමේන්තුවට අරගෙන එන්න එපා. එකෙන් ඡන්දෙට වාසියක් වෙන්නේ නැහැ. එන්නේ පාලාත් පාලන, පලාත් සභා, පාර්ලිමේන්තු ඡන්දෙද ඒ ඕනෙම ඡන්දෙකට මේ අවුරුදු 3 දුන්නු පීඩාවට උත්තර දෙන්න රටේ සාමාන්‍ය ජනතාව පෙළ ගැසිලයි ඉන්නෙ.
මන්ත්‍රී බන්දුල මාධ්‍ය හමුවට බඩු මල්ලක් අරගෙන ඇවිත්.
2017-11-06T08:49:00+05:30
Gossip Lanka Hot News
slide|