gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දොස්තර චමල් ලොව හොඳම විද්‍යා පර්යේෂකයන් අතරට

2017 වසරේ සෞඛ්‍ය අංශයට අදාළ විද්‍යාත්මක පර්යේෂණ වාර්තා ඉදිරිපත් කිරීමේදී ඒ සඳහා වන ඉහළම ජාත්‍යන්තර ඇගයීමක් ශ්‍රී ලාංකික වෛද්‍යවරයකු වන හම්බන්තොට හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය ජී.ජී. චමල් සංජීව

 මහතාට හිමි වී ඇත. Global Award For Academic Championship
2017 නම් මෙම ජාත්‍යන්තර සම්මානය පිරිනමා ඇත්තේ ලොව හොඳම විද්‍යාත්මක සන්නිවේදන පර්යේෂණ වාර්තා ඇගයීමේ කාර්යයෙහි නිරත වන  International Agency For Standards and Rating (IASR) ආයතනය මගිනි. ඒ සමගම වෛද්‍ය ජී.ජී. චමල් සංජීව මහතාට අදාළ ආයතනය මගින් එහි යාවජීව සමාජිකත්වය (Fellow, Directorate of Health Service – IASR) පිරිනමා ඇත. ශ්‍රී ලාංකිකයෙකු මෑත කාලයේදී මෙම ඇගයීමට ලක්ව ඇත්තේ ප‍්‍රථම වතාවට වීමද මෙහි විශේෂත්වයකි.

ලොව පුරා රටවල් 56ක විද්‍යා පර්යේෂකයින් 6000 කට ආසන්න ප‍්‍රමාණයක් අතරින් 2017 වසරේ සෞඛ්‍ය සඳහා වන මෙම ජාත්‍යන්තර ඇගයීම දිනා ගැනීමට වෛද්‍ය ජී.ජී. චමල් සංජීව මහතා සමත්වීම ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවය ලද ජයග‍්‍රහණයක් ද වෙයි.

ලොව පුරා විසිරී සිටින ඉහළ අධ්‍යාපන හා පර්යේෂණ කුසලතාවලින් හෙබි විද්වත් වෘත්තිකයන් ඇගයීම අරමුණු කොට මෙම IASR ආයතනය මගින් වාර්ෂිකව මෙම සම්මානය අංශ ගණනාවක් යටතේ කැපී පෙනෙන පුද්ගලයින්ට පිරිනැමීම සිදු කරයි. ජාත්‍යන්තර වර්ගීකරණයට අනුව ලොව පුරා ඉහළ පිළිගැනීමකට පාත‍්‍ර වූ ආචාර්ය මහාචාර්ය මණ්ඩලයක් මගින් විශේෂ ලකුණු දීමේ ක‍්‍රමවේදයකට අනුව මෙම තෝරා ගැනීම සිදුකරනු ලැබ ඇත. මේ සමගම IASR ඇගයීමට අනුව 2017 වසරේ ලොව ඉහළම ඇගයීමට පාත‍්‍ර වන ප‍්‍රජා සෞඛ්‍ය සේවකයින් 500 දෙනා අතරටද වෛද්‍ය ජී.ජී. චමල් සංජීව මහතාව තෝරා ගෙන ඇත.

USA News corp වාර්තා කරන අන්දමට පසුගිය කාල සීමාව තුළදී වෛද්‍ය ජී.ජී. චමල් සංජීව මහතා විසින් සිදු කරන ලද විද්‍යාත්මක පත‍්‍රිකා ඉදිරිපත් කිරීම් විද්‍යා සංනිවේදනය හා මාධ්‍ය හැසිරවීම ජාත්‍යන්තර වශයෙන් විශේෂ ඉහළ අවධානයට යොමුව තිබේ. මෙම වාර්තාවට අනුව වෛද්‍ය ජී.ජී. චමල් සංජීව මහතාගේ නායකත්වය යටතේ මෙරට සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රයේ අරඹන ලද  වැඩසටහන්ද ඒ මහතා මූලික කොට සිදුකරන ලද විද්‍යාත්මක පර්යේෂණ ද මෙරට සෞඛ්‍ය සේවයේ නාමය ජාත්‍යන්තර තලයට රැුගෙන යාමට සමත්ව තිබේ. කලාපීය විද්‍යා පර්යේෂණ ප‍්‍රචලිත කිරීමටත්, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවයේ නියුතු වෛද්‍ය ජී.ජී. චමල් සංජීව මහතා වැනි තරුණ නායකයින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවයේ නව තානාපතීන් බවටද මෙම ජාත්‍යන්තර වාර්තාව පෙන්වා දෙයි.

තංගල්ල ප‍්‍රාථමික විද්‍යාලය සහ තංගල්ල රාහුල විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ද වීරකැටිය රාජපක්‍ෂ විද්‍යාලයෙන් ද්විතික අධ්‍යාපනයද ලද ඒ මහතා, රුහුණු විශ්වවිද්‍යාලයිය වෛද්‍ය පීඨයෙන් වෛද්‍ය උපාධිය සම්පූර්ණ කරන ලද්දේ 2003 වසරේදීය. රෝහල් පරිපාලනය සහ රාජ්‍ය පරිපාලනය පිළිබඳව පශ්චාත් විද්‍යාපති උපාධි සම්පුර්ණ කරන ලද ඒ මහතා හම්බන්තොට දිස්ත‍්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ලෙස  පසුගිය කාලසීමාවේ දී කටයුතු කරන ලදි.

මීට පෙර 2010 වසරේදී, රුපියල් ලක්‍ෂ 50කට ආසන්න වටිනාකමක් ඇති ශල්‍යාගාර ඇඳක් දේශීය අමුද්‍රව්‍ය යොදා ගෙන රුපියල් විසි පන්දහසකට ආසන්න මුදලකින් නිමවීමට ඒ මහතා සමත් විය. එසේම රුපියල් ලක්‍ෂ දහයකට ආසන්න වටිනාකමක් දරන නවජ උණුසුම්කරණ උපකරණයක් (Incubator) රුපියල් පහළොස් දහසකට ආසන්න මුදලකින් නිමවා රජයේ හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ ඇගයීමට ද වෛද්‍ය ජී.ජී. චමල් සංජීව මහතා පත්විය. 2017 වසරේ දී ශ්‍රී ලංකා හෘද රෝග සංගමයේ වාර්ෂික සැසි වාරයේදී හොඳම විද්‍යා පර්යේෂණ ඉදිරිපත් කිරීම සඳහා වන පළමු පෙළ සම්මානයද හිමි වූයේ වෛද්‍ය ජී.ජී. චමල් සංජීව මහතාටය.

ඒ මහතා තංගල්ල මුලික රෝහලේ වෛද්‍ය අධිකාරි ලෙස සේවය කරන ලද සමයේදී පොලිතින් සහ ප්ලාස්ටික් වතුර බෝතල් රෝහල් භුමියට රැුගෙන ඒම තහනම් කළ අතර ඒ මහතා ඉදිරිපත් කරන ලද දර්ශනය මේ වන විට රජය නීතියක් ලෙස ස්ථාපනය කර ඇත.

පර්යේෂණ කටයුතු අඛණ්ඩව සිදුකිරීමට පවත්න ප‍්‍රධාන බාධාව මුල්‍ය පහසුකම් නොලැබීම බවත්, මෙරට සංවර්ධනයට අදාළ නොවන බොහෝ ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන ගණනන් නාස්ති වන අවස්ථාවලදි  විද්‍යා හා තාක්‍ෂණ අංශ දියුණුවට වැඩි අවධානයන් යොමු කළ යුතු බවත් ඒ මහතා පැවසීය.

නුවන් ජයසේකර – සූරියවැව


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka