gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

උමාඔය විපතටපත් ජනතාවට සහන ඉල්ලා තවත් නඩුවක් ගොනුකරයි.

උමාඔය බහුවිනාශකාරී ජනතා පෙරමුණේ නියෝජිතයන් විසින් උමාඔය ව්‍යාපෘතිය හේතුවෙන් විපතට පත් ජනතාවට සහන ලබාදීමට මැන්ඩාමුස් රිට් ආඥාවක්  නිකුත් කරන ලෙස ඉල්ලා ඊයේ (08) දින ඌව පලාත්බද මහධිකරණයේ  නඩුවක් ගොනුකරන ලද බව එම සංවිධානයේ කැදවුම්කරු ඌව පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.  උමාඔය බහුවිනාශකාරී ජනතා පෙරමුණේ කැදවුම්කරු සමන්ත විද්‍යාරත්න මහතා , උමාඔය
බහුවිනාශකාරී ජනතා පෙරමුණේ උප ලේකම් වසන්ත සංජීව සෝමසිරි මහතා , උමාඔය බහුවිනාශකාරී ජනතා පෙරමුණේ  උප සභාපති එච් . ඒ බෝධිපාල මහතා යන තිදෙනා විසින් මෙම පෙත්සම ගොනූකර ඇත.

පසුගිය ඔක්තෝම්ර් මස 10වනදිනට පෙර අදාල සහන ලබාදෙන ලෙස ඉල්ලා මෙම පෙත්සමේ වගඋත්තරකරුවන්ට නීතීඥයින් මාර්ගයෙන් එන්තරවාසී යොමු කලද මේ වනතෙක් ඒ සදහා කිසිදු ප්‍රතිචාරයක් නොදැක්විම හේතුවෙන් මෙසේ ඌව පලාත්බද මහධිකරණයේ  නඩුපැවරීමට තීරනය කල බව පෙත්සම්කරුවන් පවසයි. උමාඔය ව්‍යාපාතිය මගින්  ලක්ෂයකට ආසන්න ජනතාවක් පීඩාවට පත්ව ඇති බවත් ඔවුන්ගේ නිවාස , වගාබිම් , පාසල් , පන්සල් , ව්‍යාපාරික ස්ථාන විනාශයට පත්ව ඇති බවත් එබැවින් මෙම සියළු ජනතාවට උන්හිටිතැන් අහිමිවී අන්ත අසරණ තත්වයට පත්ව ඇති බවත් පෙත්සමෙන් පෙන්වා දෙයි.

වසර ගණනාවක් තිස්සේ මෙම ව්‍යාපෘතිය නතර කරන ලෙසත් පීඩාවටපත් ජනතාවට සහන සලසන ලෙසත් කරන ලද උද්ඝෝෂණ වල ප්‍රතිපලයක් ලෙස 10%ක පමණ සහනයක් ලබාදී අැතැත් එය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවද පෙත්සම්කරුවන් පෙන්වා දෙයි. මෙම හානිය ස්භාවික ව්‍යසනයක් නිසා ඇතිවුවක් නොවන බවත් රජයේ අත්තනෝමතික ව්‍යාපෘතියක් හේතුවෙන් සිදුවුවක් බැවින් ජනතාවට නිසිලෙස වන්දි ලබාදී ඔවුන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම රජයේ වගකීමක් බවත් පෙත්සම්කරුවන් කියාසිටී.

අංක WRIT 110/17 යටතේ ගොණුකර ඇති මෙහි වගඋත්තරකරුවන් ලෙස මහවැලි හා පරිසර සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් , උමාඔය ව්‍යාපෘතියේ අධක්ෂකතුමා , උමාඔය ජනතා සහන ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය අධක්ෂතුමා , බදුල්ල දිස්ත්‍රික් ලේකම්තුමා  සහ ඌව පලාත් කෘෂිකර්ම අධ්‍යක්ෂතුමා නම්කර ඇති අතර පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥ විජය නෙරන්ජන් පෙරේරා සමග නීතීඥ ඕෂධී  පෙරේරා සහ යසන්තා රාජපක්ෂ  පෙනීසිටින ලදි.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka