gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සිංහල භාෂා පළාත් 7යි.. දෙමළ පළාත් 2යි – අළුත් ව්‍යවස්ථාව හැදෙන හැටි සම්බන්ධන් කියයි

රටේ උතුරු නැගෙනහිර පළාත් දෙකේ නිල භාෂාව ලෙස ‍දෙමළ භාෂාවත් අනිකුත් පළාත් හතේම නිල භාෂාව ලෙස සිංහල භාෂාවත් ලෙස නම් කරන නව ව්‍යවස්ථාවක් සකස් කරමින් පවතින බව විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා පැවැසීය.

පසු ගියදා (6) ත්‍රිකුණාමල දිස්ත්‍රික්කමිටු රැස්වීම අමතමින් ඔහු මේ බව
ප්‍රකාශ කළේය.

උතුරු, නැගෙනහිර හැරුනු විට රටේ අනෙක් පළාත් 7ම සිංහල භාෂාවට පවතින ස්ථානය කෙබඳුද එබඳුම ආකාරයේ ප්‍රමුඛ ස්ථානයක් උතරු, නැගෙනහිර දෙපළාතේ දී දෙමළ භාෂාවට හිමි විය යුතුබව හෙතම මෙහිදී පැවැසීය.

සිංහල හා දෙමළ යන භාෂා දෙකම රටේ රාජ්‍ය භාෂා නිසා ප්‍රාදේශීය ජනවාර්ගික පදනම අනුව බහුතර ජනතාවක් භාවිතා කරන භාෂාව එකී ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ වල නිල භාෂාව වශයෙන් පිළිගෙන කටයුතු කළ යුතු බවද ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.

නොබෙදුනු රටක් ලෙස නව ව්‍යවස්ථාවක් මේ වන විට සකස් කරමින් පවතින බව ද මෙහිදී පැවැසූ සම්බන්ධන් මහතා මේ හරහා රටේ සියලුම ජනතාවට සමගියෙන් හා සාමයෙන් ජීවත් විය හැකි පරිසරයක් ඇති කළ යුතු බවද පැවැසීය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka