gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඉන්දියාවට එරෙහි ටෙස්ට් තරගාවලියට යන ශ‍්‍රි ලංකා සංචිතය මෙන්න

එසේම මේ මස 16දා සිට පැවැත්වෙන තරග තුනකින් සමන්විත ඉන්දියාවට එරෙහිව ටෙස්ට් තරගාවලිය සඳහා නම් කර ඇති ශ්‍රී ලංකා සංචිතයෙන් පසුගිය ටෙස්ට් තරගාවලියට ඇතුළත්ව සිටි කෞෂාල් සිල්වා සහ කුසල් මෙන්ඩිස් ඉවත් කර ඇතැයිද දැනගන්නට ඇත.

තවද එම සංචාරයට ඇතුළත් වූ වේගපන්දු යවන නුවන් ප්‍රදීප්ගේ ආබාධිත තත්ත්වය තවමත් සුව නොවීම හේතුවෙන් ඉන්දීය සංචාරයට තෝරාගෙන
නොමැති අතර, අසේල ගුණරත්නද තේරීම් සඳහා සලකා බලා නොමැත්තේ ඔහුගේ ආබාධිත තත්ත්වයද සම්පූර්ණයෙන්ම සුව වී නොමැති නිසා බව දැනගන්නට ඇත. තවද එළැඹෙන ටෙස්ට් තරගාවලියේ ප්‍රථම තරගය 16දාත්, දෙවැනි තරගය 24දාත් ආරම්භ වන අතර, තුන්වැනි ටෙස්ට් තරගය පැවැත්වෙන්නේ දෙසැම්බර් 2වැනිදා සිට 6දා දක්වාය.

තරග තුනකින් යුත් ශ්‍රී ලංකා-ඉන්දියා එක්දින තරගාවලිය දෙසැම්බර් 10දා සිට 17දා දක්වාත්, විස්සයි-20 තරග තුන දෙසැම්බර් 20-24 දක්වාත් පැවැත්වෙන අතර තෝරාගෙන ඇති ටෙස්ට් සංචිතය මෙසේය.

දිමුත් කරුණාරත්න, ධනංජය ද සිල්වා, සධීර සමරවික්‍රම, දිනේෂ් චන්දිමාල්, ඇන්ජිලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල, ළහිරු තිරිමාන්න, දිල්රුවන් පෙරේරා, සුරංග ලක්මාල්, රංගන හේරත්, විශ්ව ප්‍රනාන්දු, ළහිරු ගමගේ, ලක්‍ෂාන් සඳකැන්, දසුන් ශානක.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka