gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ගවමස් පරිභෝජනය පහළට! හරක් ගහනය ඉහළට !!

ශ්‍රී ලංකාවේ ගව මස් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන පරිභෝජනය ක්‍රමයෙන් අඩු වෙමින් ඇතැයි අධ්‍යයනයකින් හෙළි වී ඇත.

 මෙම අධ්‍යයනය සිදු කර ඇත්තේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය විසිනි.

ඊට අනුව, 2008 වසරේ සිට 2010 වසර දක්වා ගව මස් පරිභෝජනයේ
සීග්‍ර වැඩිවීමක් සිදුව ඇත.

එහෙත් 2010 වසරෙන් පසු ශ්‍රී ලංකාවේ ගව මස් පරිභෝජනය ක්‍රමයෙන් අඩු වෙමින් ඇති බව නිරීක්ෂණය වී තිබේ.

2015 වසරේදී ගව මස් පරිභෝජනය මෙට්‍රික් ටොන් 32,156කි.

 2016 දී එය මෙට්‍රික් ටොන් 31,558ක් දක්වා අඩු වී ඇත.

ශ්‍රී ලංකාවේ ගව මස් නිෂ්පාදනය ද ක්‍රමිකව අඩු වෙමින් තිබෙන බව මෙම අධ්‍යයනයෙන් පෙනී ගොස් තිබේ.

 2015 වසරේදී ශ්‍රී ලංකාවේ ගව මස් හා ඒ ආශිත නිෂ්පාදන ප්‍රමාණය මෙට්‍රික් ටොන් 32,180ක් විය.

 එහෙත් 2016 වසරේදී ගව මස් හා ඒ ආශ්‍රීත නිෂ්පාදන සිදුව ඇත්තේ මෙට්‍රික් ටොන් 31,540ක් පමණි.

ගව මස් පරිභෝජනය හා නිෂ්පාදනය මෙලෙස අඩු වුවත් ශ්‍රී  ලංකාවේ එළ හරක් සහ මී හරක් ගහණය සැළකිය යුතු ලෙස වර්ධනය වෙමින් තිබේ.

2016 වසරේදී ශ්‍රී ලංකාවේ මුලූ එළ හරක් සහ මී හරක් ගහණය 17 ලක්ෂ 92,452කි.

- නෙත් නිව්ස්


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka