gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පොල් හංගන ජාවාරමුන්ට රතු එළියක් !

වෙළෙඳ පොළට නොයවා පොල් තොග රැස් කර තබා ගන්නා මහා පරිමාණ පොල් ව්‍යාපාරිකයන් සම්බන්ධයෙන් සොයා බැලීමට පොල් සංවර්ධන අධිකාරිය සූදානම් වෙයි.

පොල් මිල ඉහළ යාම සම්බන්ධයෙන් මේ පියවර ගත් බව පොල් සංවර්ධන අධිකාරි‍යේ අධ්‍යක්ෂක කපිල යකන්දාවල මහතා කියා සිටී.

පොල් ඵලදාව අවම වීම ඇතුළු හේතු ගණනාවක් පොල් මිල කෙරෙහි
බලපා ඇති බව ප්‍රකාශ කළ ඒ මහතා පොල් තොග සඟවා තබා ගන්නා අය කෙරෙහි විමර්ශන සිදු කරන බව ද කියා සිටී.

මේ වන විට පොල් මිල පාලනය කිරීම සඳහා ජංගම ලොරි රථ මගින් පොල් ගෙඩියක් රුපියල් 65 මිල යටතේ පොල් බෙදාහැරීමට කටයුතු සිදු කරන බවත් සතොස හරහා ද එම මිල ගණන්වලට පොල් ලබා ගත හැකි බවත් ඒ මහතා කියා සිටී.

වෙළෙඳ පොළේ පොල් මිල ගණන් යළි ඉහළ යාම හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටින බව පොල් වගා කිරීමේ මණ්ඩලය කියා සිටි අතර, ඒ සම්බන්ධයෙන් ඉදිරි සතියේ අවශ්‍ය කටයුතු සිදු කරන බව ද කියා සිටියේය.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල මේ වන විට පොල් ගෙඩියක් අලෙවි වන්නේ, රුපියල් 90ත් 100ත් අතර මිලකටය.

පසුගිය ඔක්තෝබර් මාසයේ සිට පොල් ගෙඩියක් රුපියල් 65කට ලබා දීමේ වැඩපිළිවෙළක් රජය ආරම්භ කළ ද දඹුල්ලේ ආර්ථික මධ්‍යස්ථානයේ ද පොල් ගෙඩියක මිල ද වැඩි අගයක් ගත් බව එහි ආරංචි මාර්ග කියා සිටී.

පොල් සංවර්ධන මණ්ඩලය රුපියල් 65ට පොල් ලබා දෙන බව ප්‍රකාශ කළ ද සතොස ශාඛාවල හෝ වෙනත් ස්ථානවලින් අඩු මිලට පොල් ලබා ගත නොහැකි බව ජනතාව චෝදනා කරති.

-දිනමිණ



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka