gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ස්ත්‍රී පුරුෂ පරතරයෙන් ලංකාව පල්ලම් බසියි !

වසර 2017 ස්ත්‍රී පුරුෂ පරතරය පිළිබඳ ගෝලීය දර්ශකයේ ශ්‍රී ලංකව 109 වන ස්ථානය දක්වා පසුබැස තිබේ.

ශ්‍රී ලංකාව ගිය වසරේදී එම දර්ශකයේ 100 වැනි ස්ථානයේ පසු විය.

රටවල් 144ක් ඇසුරින් සකස් කළ එම දර්ශකය ඊයේ (02) ලෝක ආර්ථික
සංසදය විසින් එළිදක්වා තිබිණි.

මේ අතර 2017 ස්ත්‍රී පුරුෂ පරතරය පිළිබඳ දර්ශකයට අනුව පළමු ස්ථානය, එනම් අඩුම ස්ත්‍රී පුරුෂ පරතරයක් ඇති රට වන්නේ අයිස්ලන්තය යි.

නෝර්වේ රාජ්‍යට එහි දෙවන ස්ථානයත් ෆින්ලන්තයට තුන්වන ස්ථානයත් හිමිව තිබේ.

ස්ත්‍රී පුරුෂ පරතරය වැඩි ම රට බවට පත්ව ඇත්තේ යේමනය යි.

එක් එක් රටවල කාන්තාවන්ට හා පුරුෂයින්ට හිමිව ඇති සමානත්මතාවයේ ප්‍රමාණය අනුව මෙම දර්ශකය සකස් කර තිබේ.

එහිදී සැලකිල්ලට ගෙන ඇති ප්‍රධාන අංශ වන්නේ, ආර්ථිකයට ලබාදෙන දායකත්වය, අධ්‍යාපන අවස්ථා, සෞඛ්‍ය හා සුරක්ෂිතතාව සහ දේශපාලන බලගැන්වීම ය.

මෙහි සමස්ත දර්ශකයේ 109 වන ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව තිබේ.

මේ අතර සෞඛ්‍ය හා සුරක්ෂිතතාව යන අංශයෙන් දර්ශකයේ පළමු ස්ථාන හිමි කර ගත් රටවල් අතර ශ්‍රී ලංකාව ද සිටීම විශේෂත්වයකි.

ආර්ථිකයට ලබාදෙන දායකත්වය යන අංශයෙන් ශ්‍රී ලංකාව 123 ස්ථානයට පත්ව ඇති අතර අධ්‍යාපන අවස්ථා යන අංශයෙන් ශ්‍රී ලංකාව සිටින්නේ 86 වැනි ස්ථානයේ ය.

දේශපාලන බලගැන්වීම අතින් ශ්‍රී ලංකාව 65 වැනි ස්ථානයට පත්ව තිබේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka