gossip lanka

මාස දෙකේදී මව අහිමි පුංචි දිල්හාන් ළිං පතුලේ සැඟව යයි

දඹුල්ල වල්ගම් වැව ප්‍රදේශයේ නිවසක සෙල්ලම් කරමින් සිටි කුඩා දරුවෙකු නිවස පිටුපස අනාරක්ෂිත ළිඳකට වැටී ඊයේ(2)දින පෙරවරුවේ මියගොස් ඇති බව දඹුල්ල පොලිසිය කියයි. මෙසේ අවාසනාවන්ත අන්දමින් මිය ගොස් ඇත්තේ

පෙර පාසල් වියෙහි පසුවූ නාමල් සතින්ච  දිල්හානි (5) දරුවයි. මෙම කුඩා
දරුවා වයස මාස දෙකක් පමණ වෙද්දී ඔහුගේ මව හදිසි  රෝගයකින්  මිය ගොස් ඇත.

මෙදින දරුවාගේ පෙර පාසල් නිවාඩු ලබාදීම නිසා දරුවා නිවසේ සෙල්ලම් කරමින් සිටි බව නිවැසියෝ පවසති. දරුවාගේ සුළු මව කියා සිටියේ නිවස පිටුපස උදැල්ලකින් තම දරුවා සෙල්ලම් කරමින් සිටි බවත් පසුව දරුවා නොසිටි බවය.

දරුවා දැක ගැනීමට නොහැකි වූ තැන තම සැමියාට දුරකතනයෙන් කතාකොට දරුවා නොමැති බව දැනුම් දුන් බව ද ඇය පැවසුවාය.

නිවස පිටුපස පිහිටි ළිඳේ දරුවාගේ පාවහන් යුගල දැක වහාම ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව ළිඳ පතුල සෝදිසි කිරීමේදී දරුවා හමුවූ බව ඇය වැඩිදුරටත් පැවසුවාය.

ප්‍රදේශවාසීන්ගේ  සහය ඇතිව කුඩා දරුවා දඹුල්ල මූලික රෝහලට රැගෙන ගිය නමුත් ඒ අවස්ථාව වන විටත් දරුවා මියගොස් සිටි බව වෛද්‍යවරු පවසති.

මෙම මරණ්‍ය පිළිබඳව හදිසි මරණ පරීක්ෂණය දඹුල්ල හදිසි මරණ පරීක්ෂක ඩබ්ලිව්.ජේ .ඩී . බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පස්වරුවේ පැවැත්විණි.

දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතාගේ උපදෙස් පරිදි පොලිස් කණ්ඩායමක් ද වෙනම පරීක්ෂණයක් පවත්වන බව පොලීසිය කියයි .



gossip lanka