gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දයාසිරි හෑන්ඩ්බෝල් - ජූඩෝ සංගම් සුද්ද කරයි

ශ්‍රී ලංකා හෑන්ඩ්බෝල් සංගමයේ හා ශ්‍රී ලංකා ජූඩෝ සංගමයේ පාර්ශ්ව කිහිපයක් අතර තිබූ මතභේද අවසන්කොට නිලවරණය පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යාංශය සූදානම් වෙයි. ඒ අනුව ලබන මස 4වැනිදා හෑන්ඩ්බෝල් නිලවරණය හා ලබන මස 12වැනිදා ජූඩෝ නිලවරණය පැවැත්වීමට දින නියම වෙයි.

ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ එම නිලවරණ දෙකම පැවැත්වෙන අතර
හෑන්ඩ්බෝල් එම නිලවරණයට අදාළ නාමයෝජනා භාර ගැනීම මේ මස 8වැනිදා හා ජූඩෝ නිලවරණයට අදාළ නාමයෝජනා භාර ගැනීම මේ මස 15වැනිදා අවසන් කෙරේ. හෑන්ඩ්බෝල් ඡන්ද හිමි නාම ලේඛනයට එරෙහි විරෝධතා භාර ගැනීම පෙරේදා දින අවසන් වූ අතර එම නාම ලේඛනයට එරෙහි කිසිදු විරෝධතාවක් ලැබී නොතිබුණි.

ජූඩෝ නාමයෝජනා වලට එරෙහි විරෝධතා භාරගැනීම මේ මස 8 හා 9 දිනවල සිදු කෙරෙන අතර විරෝධතා විභාග කිරීම 13වැනිදා අවසන් කෙරේ. හැන්ඩ්බෝල් නාමයෝජනා විරෝධතා භාරගැනීම මේ මස 15 හා 16 දිනවල සිදු කෙරෙන අතර විරෝධතා විභාගය 20වැනිදා අවසන් වේ.

ක්‍රීඩා ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමකින් අනතුර මේ ක්‍රීඩා සංගම් දෙකේම නිලවරණ පැවැත්වීමට බාධාවක්ව පැවැති අධිකරණ ක්‍රියාමාර්ග ඒ ඒ පාර්ශ්ව විසින් ඉල්ලා අස්කරගත් හෙයින් නිලවරණ පැවැත්වීමට කිසිදු බාධාවක් නොවන බව ක්‍රීඩා අමාත්‍යාංශයේ නියෝජ්‍ය ක්‍රීඩා අධ්‍යක්ෂ ආර්.බී. වික්‍රමසිංහ මහතා පැවැසීය.

පසුගිය කාලයේ පැවැති අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ජූඩෝ හා හෑන්ඩ්බෝල් ජාතික සංගම් වල ක්‍රීඩා අමාත්‍යාංශයේ ලියාපදිංචිය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා එම සංගම්වල නිසි බලධාරියා ලෙස ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පත්කිරීමට ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා පියවර ගෙන තිබුණි. ඒ සමගම එම ක්‍රීඩා සංගම් දෙකේ නිළවරණය කැඳවීම හා පැවැත්වීමට ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් සමන් බණ්ඩාර මහතාට නියෝගයක් ද නිකුත් විය.

ශ්‍රී ලංකා ජූඩෝ සංගමයේ පරිපාලන කටයුතුවලට සම්බන්ධව සිටි ප්‍රධාන පෙළේ හිටපු නිලධාරීන් හය දෙනකුට වසර 10ක ක්‍රීඩා තහනමක් පැනවූ හෙයින් ඔවුන්ට මෙවර නාමයෝජනා භාරදීමේ අවස්ථාව හිමි නොවේ. සංගමය තුළ කලක පටන් සිදුවී ඇතැයි කියන මූල්‍ය අක්‍රමිකතා හා අවභාවිත සොයා බැලීමට පත්කළ පරීක්‍ෂණ මණ්‌ඩලය හිටපු නිලධාරීන් හය දෙනාට ක්‍රීඩා තහනමක් ලබාදිය යුතු බවට නිර්දේශ කොට තිබූ අතර ක්‍රීඩා ඇමැතිවරයා එය ක්‍රියාත්මක කිරීමට නියෝග නිකුත් කළේය.

මෙයට වසරකට පමණ පෙර ජූඩෝ සංගමයේ හිටපු නිලධාරීන් කිහිපදෙනකුට එරෙහිව වංචා විමර්ශන අංශයේ පරීක්ෂණයක් පැවැත්වුණු අතර, ක්‍රීඩා අමාත්‍යාංශයට ව්‍යාජ අයවැය ලේඛන ඉදිරිපත් කොට ජූඩෝ නිලවරණය පැවැත්වීමට යෑම පිළිබඳ පරීක්ෂණයක්ද සිදු කෙරුණි.

- දිනමිණ


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka