gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කලිසම ඇදගෙන යන්නේ රට පාවලා දෙන්නද ?

රට තුළ තිබෙන ගැටළු වෙනත් රටවල් වලට පැමිණිලි කිරිම සහ ගම්වලට ගොස් විචේචනය කරනවාට වඩා ඒවා විසදාගැනීමට පාර්ලිමේන්තුවට ඇතුළත එන්න ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා ඒකාබද්ධ විපක්ෂයට ආරාධනා කරන ලදී.

ඔහු මෙම අදහස් පළ කරන ලද්දේ 2016 වසරේ කොළොන්නාව
ආසනයට බලපෑ ගංවතුර හේතුවෙන් හානි වූ නිවාස සදහා වන්දි ලබා දීමේ තවත් අදියරකට කොටිකාවත්ත ප්‍රදේශය්දී එක් වෙමින්ය.

‘මේ දවස්වල දේශප්‍රේමි සලුව දාගෙන ජාති මාමක බලවේග වලින් පෙනී සිටිනවායි කියපු , බුද්ධාගම ආරක්ෂා කරන්න යැයි පෙනී සිටින අය ,ඒ කියන්නේ ඩලස් අලහප්පෙරුම මහත්තයාලා මේ දවස්වල ටයි කොට් දාගෙන මානව හිමිකම් කොමසාරිස්වරයාව හමුවන්න ගිහින් ඉන්නවා ලංකාව ගැන පැමිණිලි කරන්න. ඒ වගේම 08 වෙනිදාට නාමල් රාජපක්ෂ ඇතුලු කණ්ඩායම යනවාලු පොදුරාජ්‍ය මණ්ඩලයට ලංකාව ගැන කරුණු ඉදිරිපත් කරන්න බංගලාදේශයට.

නිකන් හරි අපි එහෙම කතා කරානම් කියයි අන්න දේශද්‍රෝහින් රට පාවලා දෙනවා කියලා. දැන් මේ කලිසම ඇදගෙන යන්නේ රට පාවලා දෙන්නද ?එහෙම නැත්නම් රට රැක ගන්නද කියලා අපි අහන්න කැමතියි. රටේ අභ්‍යන්තර ප්‍රශ්න රට ඇතුලේම විසදගන්නේ නැතිව ඒ පිළිබදව පාර්ලිමේන්තුවට ඇවිල්ලා කතා කරන්නේ නැතිව ගැටලු විසදන්න රට යනවා.

ඒ වගේම ගමේ පන්සල් ගානේ බණ කියාගෙන යනවා හාමුදුරුවන්ගේ වැඩේ කරන්න. ඒ නිසා පොදු රාජ්‍ය මණ්ඩලයටයි ගම් වලටයි ගිහින් නෙමෙයි මේ ප්‍රශ්න විසදගන්න තියෙන්නේ  පාර්ලිමේන්තුවේදී තමන්ගේ තර්ක විතර්ක හා අදහස් ඉදිරිපත් කරලයි මේ දේ කරන්න තියෙන්නේ . අන්න ඒ දේට අපි ඒකාබද්ධ විපක්ෂයට ආරාධනා කරනවා යැයි පැවසීය.

– මිනුර රෂාන්ත


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka