gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

‘‘ ඕකී’’ පිටව යයි! අදත් වැස්ස සමග සුළඟ

පීඩන අවපාතයක් සහ ගැඹුරු පීඩන අවපාතයක් ලෙස ශ‍්‍රී ලංකාවට බලපෑම් කර මේ වනවිට සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී තිබෙන වායුගෝලීය පද්ධතිය ‘‘ ඕකී’’ ලෙස නම් කර තිබෙනවා. සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමෙන් පසු ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ද
එහි ගමන්මග පිළිබඳ අධ්‍යයනයන් ආරම්භ කර ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටියේ.

මෙම සුළි කුණාටුව මේ වනවිට ශ‍්‍රී ලංකාවට බටහිර දෙසින් අරාබි මුහුදු ප‍්‍රදේශයේ කොළඹ සිට කිලෝමීටර් 600ක් පමණ ඈතින් ස්ථානගත වී තිබෙනවා. ඒ අනුව එහි බලපෑම ශ‍්‍රී ලංකාව කෙරෙහි ක‍්‍රමයෙන් අඩුවෙමින් තිබෙන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද අලූයම 5.30ට නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

කෙසේ වෙතත් බොහෝ ප‍්‍රදේශවලට අදත් වැසි සහ විටින් විට හමන තද සුළං බලාපොරොත්තු වනවා.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka