gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පුතාගේ මුරණ්ඩුකමට මව ජීවිතෙන් වන්දි ගෙවයි

පාසලෙන් කට්‌ටි පනින 15 හැවිරිදි තම එකම පුතා යහමගට ගැනීමට පුතා ඉදිරියේ තුන් වරක්‌ම දිවි නසා ගන්නා බවට රඟපෑ මවක්‌ සිව්වැනි වතාවේදී ගිනි තබාගෙන මියයෑමේ පුවතක්‌ බිංගිරිය පනාවැව ප්‍රදේශයෙන් වාර්තා වේ.

මෙසේ මියගොස්‌ ඇත්තේ පනාවැව - බෝවත්තවත්තේ පදිංචිකාරියක වූ
ජයසිංහ කාංචන මාලාගේ කමලාවතී (58) නමැති එක්‌දරු මවකි.

හලාවත මූලික රෝහලේ පවත්වන ලද මරණ පරීක්‍ෂණයේදී මියගිය අයගේ සැමියා සාක්‌ෂි දෙමින් මෙසේ පැවසීය.

" මියගොස්‌ ඇත්තේ මගේ බිරිඳයි. අපට එක පුතෙක්‌ සිටින අතර කුඩා කළ සිටම ඔහු පාසල් යැමට මැලිකමක්‌ දක්‌වනවා. දඩබ්බරයි, මේ නිසා නිතර අම්මයි, පුතයි අතර ගැටුම් ඇතිවෙනවා. මේ පිළිබඳව පුතාව පොලිසියටත් ගෙනගොස්‌ අවවාද කර තියෙනවා. නමුත් පුතා හැදුනෙ නෑ. මේ නිසාම විවිධ අවස්‌ථාවල පුතාට පේන්න බිරිඳ දිවි නසා ගැනීමට 3 වරක්‌ම උත්සාහ කර තිබුණා. එක්‌ වතාවක්‌ නිදිපෙති බිව්වා, වස හලා ගත්තා, මීට පෙර වතාවක්‌ ගිනි තබා ගන්න උත්සාහ කළා. මේ කිසිවකින් පුතා හැදුනෙ නෑ".

"මම පාසලක මුර වැඩක්‌ කරනවා. සිද්ධිය වූ දින උදේ 5.45 ට පමණ මා සේවය නිමකර ගෙදර ආවා. එවිට බිරිඳ ගෙදර තිබූ මුදල් වගයක්‌ නැතිවී ඇතැයි කෑගසමින් හිටියා. මම මුදල් ගත්තද ඇසුවාම මම නෑ කිව්වා. පුතාගෙනුත් ඇහුවා, ඔහුත් ගත්තෙ නෑ කීවා. එහෙම නම් මම පොලිසි යනවා කියල බිරිඳ කියද්දී එහෙම නම් මම පාසල් යන්නෙත් නෑ කියලා පුතා ඇඳුම් ගැලෙව්වා. බිරිඳ ඔහු ළඟට ගොස්‌ වැඳල කිව්වා පාසල් යන්න කියලා. ඔහු යාළුවෙක්‌ බලන්නම් කියල ගෙදරින් එළියට බැස්‌සා... උඹට සේරමට වඩා ලොකු යාළුවෝ තමයි කියල බිරිඳ කුස්‌සිය දෙසට ගොස්‌ එහි තිබූ ලීටර් දෙකක්‌ පමණ වූ භූමිතෙල් කෑන් එක අරගෙන ඔළුවෙ හලාගෙන ගිනි තියා ගත්තා. මා කෑ ගසමින් ගොස්‌ ගින්න නිවන්න උත්සාහ කළා. එවිට පුතත් දුවගෙන ඇවිත් ගින්න නිවා දමා බිරිඳව බිංගිරිය රෝහලට ගෙන ගියා. ගෙන යන අතර බිරිඳ ඇහුවා මගෙ මූණ ගොඩක්‌ පිච්චිලද කියලා. මම කිව්වා ඇයි මේ වගේ දෙයක්‌ කරගත්තෙ කියලා. පුතා බය කරන්නයි එහෙම කළේ කියලා ඇය කිව්වා. බිරිඳ බිංගිරිය රෝහලෙන් හලාවත රෝහලට යෑවූ අතර පසුදින ඇය මියගියා යෑයි පැවසීය".

මියගිය අයගේ පුතා වන වීරවර්ධන කුලකුලසූරිය බුසාබදුගේ ජීවන්ත ප්‍රනාන්දු (15) නමැති අයද මෙහිදී සාක්‍ෂි දුන් අතර පශ්චාත් මරණ පරීක්‍ෂණය හලාවත රෝහලේ ප්‍රධාන අධිකරණ විශේෂඥ වෛද්‍ය ඩී. කේ. විඡේවර්ධන මහතා විසින් සිදුකළ අතර ගිනි තබා ගැනීම නිසා සිරුරේ සියයට 70 කට වැඩි ප්‍රමාණයකට හානි සිදුවීමත්, එමගින් ඇති වූ අසාත්මිකතාව හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවට තීරණය කරනු ලැබීය.

බිංගිරිය පොලිසියේ පො. කො. (49082) දිසානායක මහතා විසින් මෙහි සාක්‍ෂි මෙහෙය වන ලදී.

බිංගිරිය - සෝමසිරි ඒකනායක




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka