gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ප්‍රසන්න රණවීර, උපාලි කොඩිකාර ඇතුළු පිරිසට ඇප

හම්බන්තොට පැවති විරෝධතාවයක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උපාලි කොඩිකාර ඇතුළු 31 දෙනා ඇප මත නිදහස් කිරීමට අධිකරණය තීරණය කර ඇත.

රුපියල් ලක්ෂ 5 ක් වටිනා ශරීර ඇප 2 බැගින් තබාගෙන සැකකරුවන්
නිදහස් කරන ලෙස හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කළේය. මෙම සැකකරුවෝ මාසයකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර  ගතව සිටියහ.

පසුගිය ඔක්තෝබර් 06 වනදා අධිකරණ නියෝගයක් කඩ කරමින් හම්බන්තොට ඉන්දීය කොන්සල් කාර්යාලය අසලදී කලහකාරී ලෙස විරෝධතා දැක්වීම හේතුවෙන් මේ පිරිස අත් අඩංගුවට ගෙන තිබිණි. මේ චෝදනාවන්ට ම අත් අඩංගුවට ගැණුනු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසක් කෙටි කාලයක් තුළ විශේෂ හේතු මත ඇප පිට නිදහස් කරන ලදී.

- ඡායාරූප - රාහුල් සමන්ත හෙට්ටිආරච්චි, හම්බන්තොට

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka