gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මිනී පෙට්ටිවල කසිප්පු ප්‍රවාහනය කරන කොළඹ ජාවාරමක් හෙළිවෙයි

බණ්ඩාරගම මල්ශාලාවක සඟවා තිබූ කසිප්පු ස්ප්‍රීතු තොගයක් සමඟ මල්ශාලාවේ හිමිකරු හා සේවකයකු අත්අඩංගුවට ගෙන ඇත.මෙම මල්ශාලාවේ හිමිකරු මල්ශාලාව පවත්වාගෙන යන මුවාවෙන් කසිප්පු ජාවාරමේ යෙදෙන බවට බණ්ඩාරගම පොලිසියේ ස්ථානාධිපති වික්‍රමරත්න මහතාට ලැබුණ තොරතුරකට අනුව වැටලීම කර ඇත.

මල්ශාලාවේ මිනී පෙට්ටි තුළද මෙම මත්පැන් සඟවා තිබූ බව පොලිසිය කියයි.

මෙම මත්පැන් ඇතැම් අවස්ථාවල මිනී පෙට්ටි තුළ බහා දේහයන් ප්‍රවාහනය කරන මුවාවෙන් විවිධ ප්‍රදේශවලට බෙදා හැර ඇති බවත් මේ දක්වා කිසිදු අවස්ථාවක පොලිසියට හසු වී නැති බවත් අත්අඩංගුවට ගත් සේවකයා පොලිස් නිලධාරීන්ට පවසා ඇත.

පානදුර කොට්ඨාස භාර පොලිස් අධිකාරි පී.ආර්.පී සේනානායක, සහකාර පොලිස් අධිකාරි සුසිල් විජේගුණවර්ධන යන මහත්වරුන්ගේ උපදෙස් මත බණ්ඩාරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.පී.එල්. වික්‍රමරත්න, උප පොලිස් පරීක්ෂක සමීර සම්පත්, ඒ. චන්දන නාකන්දල, සැරයන් අජිත් (53665), ප්‍රියංකර (41067) යන මහත්වරු පරීක්ෂණ පවත්වති.

කොළඹ _ එම්.සී. පෙරේරා,
කොට්ටාව - එච්. චාමින්දි
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka