gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අතේ බුදුරුව පච්චකෙටූ කත අත්අඩංගුවටගත් පොලිස් නිලධාරීන්ට දඬුවම් ! කාන්තාවට ලක්ෂ 05ක වන්දි

සිය දකුණු අතේ බුදුරුව සහිත පච්චයක් කොටා මෙරටට පැමිණි අවස්ථාවේ දී අත් අඩන්ගුවට ගෙන රදවා පිටුවහල් කිරීමෙන් බ්‍රිතානය ජාතික කාන්තාවට, ඇයගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.

ඒ අනුව නයෝමන් කොල්මන් නැමැති බ්‍රිතානය ජාතික කාන්තාවට
රජයේ මුදලින් රුපියල් ලක්ෂ පහක වන්දි මුදලක් සහ කටුනායක පොලීසියේ නිලධාරීන් දෙදෙනෙකුට රුපියල් පනස්දහසක් බැගින් රුපියල් ලක්ෂයක වන්දි මුදලක් ද ගෙවීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා. තවද නඩු ගාස්තු වශයෙන් රුපියල් ලක්ෂ දෙකක මුදලක් පෙත්සම්කාර පාර්ශවයට ගෙවීමට ද
ශ්‍රේෂ්ඨාධිකරණය වගඋත්තරකරුවන්ට නියෝග කළා.

2014 වර්ෂයේ අප්‍රේල් මස 21 දා මෙරටට පැමිණෙන විට සිය දකුණු අතේ බුදුරුව සහිත පච්චයක් කොටා ඇති බවට චෝදනා කරමින් තමා අත් අඩන්ගුවට ගෙන රදවා තැබූ බව පෙත්සම්කාරිය පවසා සිටියා. බුද්ධාගම කෙරෙහි ඇති ගරුකිරීම වෙනුවෙන් තමා පච්චයක් කොටා ඇති බවත් බුදු දහමට අගරු කිරීමක් එයින් අදහස් නොකළ බව පෙත්සම්කාරිය පවසා තිබුණා. මෙම පෙත්සමෙන් කටුනායක පොලිසියේ නිලධාරීන් කිහිප දෙනෙකු , ආගමන විගමන පාලකවරයා සහ නීතිපතිවරයා වගඋත්තරකරුවන් ලෙසට නම් කර සිටියා.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka