gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හමුදා පොදු සමාකාලය දික්වෙයි

යුද හමුදාව හැරගොස් සිටින හමුදා සාමාජිකයන්ට හමුදාවට බාර වී නීත්‍යනුකූලව ඉවත්වීම සඳහා ප්‍රකාශයට පත්කර ඇති දින 24 ක පොදු සමාකාලය එළඹෙන 22වැනිදා දක්වා තවදුරටත් දීර්ඝ කළ බව හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජනරාල්  රොෂාන් සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.

ඉකුත් ඔක්තෝබර්  23වැනිදා සිට අද (15දා) දක්වා මෙම පොදු සමාකාලය
ක්‍රියාත්මක කර තිබිණි.

ක්‍රියාත්මක පොදු සමාකාලය තුළදී  ඊයේ  (14දා) වනවිට හමුදාව හැරගොස් සිටි සාමාජිකයන්  8052දෙනෙකු නැවත  බාර වූ බවද හමුදා මාධ්‍ය ප්‍රකාශවරයා සඳහන් කළේය.

මෙම පිරිස අතර යුද හමුදා නිලධාරීන් 10 දෙනෙකු සහ කැඩෙට් නිලධාරීන් 08 දෙනෙකුද සිටින බව හමුදා මූලස්ථානය නිවේදනය කරයි.

බාර වූ අයගෙන් බොහෝ පිරිසක්  හමුදා සේවයෙන් නීත්‍යනුකූලව ඉවත්ව ඇති බවත්, සෙසු පිරිස ඉවත් කිරීමේ කටයුතු  සිදුකරමින් පවතින බවත් හමුදා මූලස්ථානය නිවේදනය කරයි.


 
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka