gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කෝපි පානයෙන් වකුගඩු රෝගීන්ට දීර්ඝායුෂ

දිනකට කෝපි කෝප්ප තුනක්‌ පානය කිරීම වකුගඩු රෝගීන්ගේ ආයු කාලය වැඩි කිරීමට හේතු වන බව පෘතුගාලයේ පර්යේෂකයන් පිරිසක්‌ විසින් වසර 12 ක කාලයක්‌ මුළුල්ලේ සිදුකරනු ලැබූ අධ්‍යයනයකදී අනාවරණය කරගෙන තිබේ.

වකුගඩු රෝගයෙන් පෙළෙන රෝගීන් 2300 කට අධික සංඛ්‍යාවක්‌
යොදාගෙන සිදුකරනු ලැබූ මෙම අධ්‍යයනයට අනුව කෝපි විශාල වශයෙන් පානය කරනු ලබන වකුගඩු රෝගීන්ට රෝගයෙන් මියයැමේ අවදානම සියයට 25 කින් අඩුකරගත හැකිය.

දිනකට කෝපි කෝප්ප එකක්‌ හෝ දෙකක්‌ පානය කරන වකුගඩු රෝගීන්ට ද පිළිවෙලින් රෝගයෙන් මියයැමේ අවදානම කෝපි කිසිසේත් පානය නොකරන රෝගීන්ට වඩා සියයට 12 කින් හා සියයට 22 කින් අඩුකරගත හැකි බව පර්යේෂකයෝ පවසති.

මෙම අධ්‍යයනය මෙහෙයවූ උතුරු ලිස්‌බන්හි රෝහල් මධ්‍යස්‌ථානයේ වෛද්‍ය මිගුවෙලේ බිගොට්‌ වියෙයිරාට අනුව මෙම අධ්‍යයනයෙන් වකුගඩු රෝගයට ගොදුරු වූවන්ට කෝපිවල අඩංගු 'කැෙµaන්' සංයෝගය හරහා රෝගයෙන් මරණයට පත්වීම මගහරවා ගත හැකි බව තහවුරු වේ.

පසුගියදා ඇමෙරිකා එක්‌සත් ජනපදයේ නිව් ඕර්ලියනස්‌හි පැවති ඇමෙරිකානු වකුගඩු සංගමයේ සමුළුවේදී මෙම අධ්‍යයනයේ ප්‍රතිඵල ඉදිරිපත් කර තිබිණි.

-දිවයින


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka