gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ගීතාගෙන් දඩ අයකරගන්න නීතිපතිවරයා නඩු දාන්න යයි

මන්ත්‍රි ධුරය අහිමි වූ ගීතා කුමාරසිංහ මහත්මියගෙන් පාර්ලිමේන්තුවට අය විය යුතු දඩ මුදල ලබාගැනීමට නීතිපතිවරයා කොළඹ දිසා අධිකරණයේ නඩු පැවරීමට යයි. මන්ත්‍රිවරිය පාර්ලිමේන්තුවේ අසුන්ගත් හෝ ඡන්දය පාවිච්චි කළ එක් එක් දවසකට රුපියල් 500 බැගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 100 ව්‍යවස්ථාව යටතේ අය කළ යුතුව ඇතැයි සඳහන් වේ. ඒ අනුව අදාළ දඩ මුදල අය කර ගැනීම සඳහා නීතිපතිවරයා කොළඹ දිසා අධිකරණයේ නඩු පැවරීමට යන බව නීතිපති ආරංචි මාර්ග සඳහන් කරයි.
ද්විත්ව පුරවැසිභාවයක් තිබෙන බැවින් ගාල්ල දිසා එ.ජ.නි. මන්ත්‍රිනි ගීතා කුමාරසිංහට මන්ත්‍රි ධුරයක් දැරීමට නිසුදුසු බව ශේ්‍රෂ්ඨාධිකරණය ඉකුත් 02 වැනිදා තීන්දු කළේය. මෙම තීන්දුවද පාර්ලිමේන්තුවට ලැබීමට නියමිතව තිබිණි.

එම තීන්දුව ලද පසුව ඒ අනුව මන්ත්‍රි ධුරයක් හිස්ව ඇතැයි පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් මැතිවරණ කොමසාරිස්ට දන්වනු ලැබූ බව පාර්ලිමේන්තුවේ ජේ‍යෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka