gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කුසල්ව ඉවත් කරාට මහේල අප්‍රසාදය පළ කරයි

ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් කි‍්‍රකට් තරගාවලියෙන් කුසල් මෙන්ඩිස් ඉවත් කිරීම පිළිබඳව මහේල ජයවර්ධන සිය අප‍්‍රසාදය පළ කර තිබෙනවා.

තේරීම් කමිටුව ගත් මෙම තීරණයට සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේද දැඩි
විවේචන එල්ල වෙමින් පවතිනවා.

ට්විටර් සටහනක් තබමින් මහේල පවසා ඇත්තේ කුසල් මෙන්ඩිස් ටෙස්ට් සංචිතයෙන් ඉවත් කර ඇත්තේ කුමක් නිසාදැයි තමන්ට තේරුම් ගැනීමට නොහැකි බවයි.

ඔහු කී‍්‍රඩා කළේ නැතත් ඉන්දීය සංචාරයට ඇතුළත් කිරීමට තිබුණේ යැයි ද මහේල පවසා තිබෙනවා. දක්ෂතා දක්වන යොවුන් කී‍්‍රඩකයින් ඉගෙන ගන්නේ අත්දැකීම්වලින් බවයි මහේල සිය ට්විටර් පණිවුඩයෙන් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.

ඉකුත් වසරේදී ශී‍්‍ර ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාවක් රැස් කළ පිතිකරුවන් අතර දෙවන තැන පසුවූයේ කුසල් මෙන්ඩිස්. මෙම වසරේ වැඩිම ටෙස්ට් ලාභීන් අතර දෙවන තැනද කුසල් මෙන්ඩිස්ට හිමිව තිබෙනවා.

දිමුත් කරුණාරත්නට පමණක් දෙවැනි වී සිටින ඔහු මෙම වසරේදී ටෙස්ට් ඉනිම් විස්සකදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 669ක්. ශතක දෙකක් සහ අර්ධ ශතයක් ද කුසල් මෙන්ඩිස් මෙම වසරේ දී වාර්තා කර තිබෙනවා.

පාකිස්ථානය සමග පැවති ටෙස්ට් තරගාවලියේදී කුසල් මෙන්ඩිස් අසාර්ථක වුවද, ඕස්ට්‍රේලියාව, සිම්බාබ්වේ සහ ඉන්දියාව සමග පැවැති ටෙස්ට් තරගාවලිවලදී කුසල් මෙන්ඩිස් පිත්තෙන් දස්කම් දැක්වූවා.

මෙවර ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලියෙන් කුසල් මෙන්ඩින්, කෞෂාල් සිල්වා සහ නුවන් ප‍්‍රදීප් ඉවත් කර ඇති අතර ඒ වෙනුවට කැඳවා ඇත්තේ ධනංජයද සිල්වා, දසුන් ශානක සහ ඇන්ජලෝ මැතිව්ස්.

සත්කාරක ඉන්දීය කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත ටෙස්ට් කි‍්‍රකට් තරගාවලියේ පළමු තරගය ලබන 16 වැනිදා කොල්කටා හි ඊඩ්න් ගාඩ්න් කී‍්‍රඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka