ලංකා විදුලිබල මණ්ඩලයේ සේවක අර්ථ සාධක අරමුදලේ හා විශ්‍රාම වැටුප් අරමුදලේ මුදල් කොල්ලකෑමක් සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුවක් අද (07) දින කොළඹ මහාධිකරණයේදී විභාගයට ගැනීමට නියමිතය.
ලංකා විදුලිබල මණ්ඩලයේ සේවක අර්ථ සාධක අරමුදලේ හා විශ්‍රාම
වැටුප් අරමුදලේ මුදල් ස්ථාවර තැන්පත් ලෙස පිපර්ස් ලිසින් සමාගමේ තැම්පත් කර රුපියල් 38,866,833ක කොමිස් මුදලක් ලබා ගැනීම හා එම මුදල් සාපරාධි සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව යටතේ මෙම නඩුව පවරා ඇත.
කිත්සෙත් සංජිව බණ්ඩාරනායක, වෙන්ගප්පුලි ආරච්චිගේ සුසන්ත, උඩුනුවරගේ කිංස්ලි චන්දන ගුණවර්ධන, වැල්ලවත්ත ආරච්චිගේ දුමිඳු චතුරංග සිල්වා යන ය මෙහි සැකකරුවන් ලෙස නම්කර තිබේ.
CEB සේවක අර්ථ සාධකය කොල්ලකෑමේ නඩුව අද
2017-11-07T10:42:00+05:30
Gossip Lanka Hot News
slide|