gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සෞඛ්‍ය සේවා සහ ජිවිත රැකවරණය ඇති හොදම රටවල් 34 ට ශ්‍රී ලංකාවත්

ලෝකයේ රටවල් 144 ක් අතුරින් සෞඛ්‍ය සේවා සහ ජිවිත රැකවරණය ඇති හොදම රටවල් 34 ට ශ්‍රී ලංකාව ද ඇතුලත් වී ඇති බව ගෝලීය ආර්ථික සංසදය නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙයි.

ගෝලීය ස්ත්‍රි/පුරුෂ සමාජභාවය පිළිබද අධ්‍යයනයක නිරත වෙමින් එම සංසදය නිකුත් කළ “The Global Gender Gap Report 2017” වාර්තාවේ මේ බව සදහන් වෙයි.

ශ්‍රී ලංකා වෛද්‍ය පරිපාලකයින්ගේ සංගමයේ විද්‍යාත්මක සැසිවාරය
කොළඹ කිංග්ස්බරි හෝටලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධාත්වයෙන් පසුගියදා පැවැති අතර එහිදී සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මෙම වාර්තාව පිළිබද කරුණු හෙළි කරන ලදි.

එහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේද අදහස් දැක්වීය.

“මෙම සුවිශේෂි ජයග්‍රහණය ලබාගැනීම සදහා ජනාධිපතිවරයාගෙන් ලැබූනු නායකත්වය මම අගය කරනවා. මේ ජයග්‍රහණය ලබාගැනීම සදහා වෛද්‍ය පරිපාලකයින්ගෙන් ද විශාල සහයෝගයක් ලැබුනා. ඇතැම් වෛද්‍ය පරිපාලකයින් නිවාඩු දිනවල පවා රාජකාරි සිදු කරමින් කළ කැපවීම නිසා මෙම ජයග්‍රහණය හිමි වුනා. වෛද්‍ය පරිපාලන ක්ෂේත්‍රයේ රාජකාරී ගැටලු කිහිපයක් පසුගිය කාලයේ පැවැතුනා. එම ගැටලුවල වපසරිය හදුනාගැනීමෙන් පසු 90 දශකයේ දී විධිමත් පරිපාලන පුහුණුවක් ලබාදීම සදහා පාඨමාලා ආරම්භ කෙරුනා. තවත් ගැටලු කිහිපයක් තිබෙනවා. විශේෂයෙන්ම වෛද්‍ය පරිපාලකයින්ට පෞද්ගලික වෛද්‍ය සේවා ක්‍රියාත්මක කිරීම තහනම් වීම හේතුවෙන් ආදායම අවම වී තිබෙනවා. මෙම තීරණය අධිකරණ ක්ෂේත්‍රයේ ද ක්‍රියාත්මකයි. නමුත් අධිකරණ ක්ෂේත්‍රය සදහා විශේෂ වැටුප් ක්‍රමයක් හදුන්වා දී ඇති බව මා කළ අධ්‍යයනයක දී හෙළි වුනා. එම නිසා වෛද්‍ය පරිපාලකයින්ගේ ගැටලුව ද විසදීමට කටයුතු කළ යුතුයි.”



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka