gossip lanka

ගීතාට පාර්ලිමේන්තුවට එන්න බාධාවක් නැහැ - කතානායක

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ මහත්මියට පාර්ලිමේන්තුවට ඇතුල්වීම කථානායකවරයා විසින් තහනම් කර ඇති බවට ඇතැම් මාධ්‍යයන් හි පලව තිබූ ප්‍රවෘත්තිය දෝශ සහිත බව කථානායක මාධ්‍ය අංශය පවසයි.

මින් ඉදිරියට කුමාරසිංහ මහත්මියට සාමාන්‍යය පුරවැසියෙකු ලෙස
පාර්ලිමේන්තු සංකීර්ණයට ඇතුල් වීමට කිසිදු බාධාවක් නොමැති බවත්,  එහිදී මන්ත්‍රී වරප්‍රසාද සහිතව ප්‍රවේශ වීම පමණක් වැළකෙන බවත් කථානායක මාධ්‍ය අංශය නිකුත්කළ නිවේදනයක දැක්වේ.







gossip lanka