gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඒකාබද්ධයෙන් නිතරඟ ගිවිසුමකට යෝජනාවක් !

නිතරග ගිවිසුමකින් හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය එක්විය යුතු බවට ඒකාබද්ධ විපක්ෂය පැත්තෙන් නිරන්තර යෝජනා ඉදිරිපත්වෙමින් පවතින බව සමාජ සවිබල ගැන්වීම් සුබසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ ඇමැති එස්.බී. දිසානායක පැවැසීය.

ඊයේ (08දා) බත්තරමුල්ලේ සෙත්සිරිපායේ පිහිටි අමාත්‍යාංශ
ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව පැවැසූ ඇමැතිවරයා

"ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්වීමට වඩාත්ම වුවමනාවක් ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමඟ එකට සිටිනා කණ්ඩායමේ පිරිසට බවත් නිරන්තරයෙන් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරු එළැඹෙන පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් එවන් එකමුතුවක අවශ්‍යතාව පිළිබඳ උදේ රෑ සාකච්ඡා කරන බවත් පැවැසීය.

ඒකාබද්ධ විපක්ෂය ශ්‍රී ලනිපයට යොමුකළ ඉල්ලීම් සහිත කොන්දේසි පත්‍රය සැකසූ පුද්ගලයා පසුගිය අඟහරුවාදා (07දා) රාත්‍රියේත් මේ සඳහා තමන් ඇතුළු ශ්‍රී ලනිපයේ කණ්ඩායමක් සමඟ සාකච්ඡා කළ බවද ඔහු පැවැසුවේය."


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka