gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නිලූකාගේ වීඩියෝවට ක්‍රීඩා ඇමතිගෙන් සැර ප්‍රකාශයක්

නියමිත පරිසාධන මට්ටමට ළඟාවන තෙක් මැරතන් ධාවන ශූරී නිලූකා ගීතානි රාජසේකරට විදෙස් තරග සංචාර ලබාදිය නොහැකි බව ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පවසනවා.

ඇය ක‍්‍රීඩා දිවියෙන් සමුගැනීමට අවශ්‍ය බව පවසන වීඩියෝවක් ඇගේ සැමියා විසින් අන්තර්ජාලයට මුදාහැර තිබුණා.

එහෙත් ඇගේ සැමියා විසින් ඇයට තවදුරටත් මැරතන් ක‍්‍රීඩාවේ යෙදෙන
ලෙස ඉල්ලීමක් කරන ආකාරය මෙම වීඩියෝවේ දැක්වෙනවා.

එම වීඩියෝව පිළිබඳ අදහස් දක්වන ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර සඳහන් කළේ "මම ඉතාම කණගාටු වෙනවා එම සිදුවීම ගැන. හැබැයි ඇයව කිසිම අවස්ථාවදී මේ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා තරගාවලිය සඳහා ගෙනියන්න බැහැ. පොදු රාජ්‍ය මණ්ඩලීය පරිසාධන මට්ටම අපිට තියෙන්නේ පැය 2 යි විනාඩි 38යි. පැය 2යි විනාඩි 43කින් දුවපු හිරුණි විජේරත්නවත් මේකට ඇතුළත් වෙලා නැහැ. එතකොට හිරුණ ඇයට වැඩිය වැඩි දස්කම් දක්වපු කෙනෙක්. එහෙනම් එයා තමයි ඔක්කොටම කලින් අඩන්න පටන් ගන්න ඕනේ. දැන් ලංකාවේ ප්‍රධාන ප්‍රශ්නයක් වෙලා තියෙනවා..මේ ක්‍රීඩිකාවන් ටික කාලයක් යනකොට කාත් එක්ක හරි යාළු වුණාම අර පුහුණුකරුව අතහැරලා.. යාළුවුණ කෙනාව පුහුණුකරු කර ගන්නවා. එහෙම කරන්නේ වෙන හේතුවක් නිසා නෙමෙයි 25% ක් ඒ අයට ලැබෙන නිසා. එතකොට ඒ 25%ත් නෝනයි මහත්තයාටයි බෙදා ගන්න පුළුවන්. හැබැයි මම කියන්නේ නැහැ නිලූකාගේ පුහුණුකරු නරක කෙනෙක් කියලා..ඔහු හොඳ පුහුණුකරුවෙක්. මම ඔහුව හොඳට දන්නවා. කලින් අවශ්‍ය කරන අවස්ථා රැසක් නිලූකාට අපි දීලා තිබුණා. ඒයා දක්ෂ ළමයෙක් කියලා අපි හඳුනගෙනයි ඉන්නේ..නමුත් මේ වෙලාවේ දෙන්න විදිහක් නැහැ."

අසත්‍ය කරුණු සඳහන් කරමින් තමන්ට මඩගැසීමෙන් සිදුවන්නේ ඇයට තිබෙන අවස්ථාවන් තවත් අහිමි වීමක් පමණක් බවයි දයාසිරි ජයසේකර මෙහිදී වැඩිදුරටත් කියාසිටියේ.

නිලූකා ගීතානි රාජසේකරගේ සැමියා විසින් අන්තර්ජාලයට නිකුත් කළ මෙම වීඩියෝව පහතින් දැක්වෙයි.

-කසුන් කැලුම්
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka