මෑත කාලයේදී මෙරට නීතිවිරෝධී මත්පැන් පරිභෝජනය සියයට 30 හා සියයට 40 අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇතැයි අධ්‍යයනයක් හෙළි කරයි.
කොළඹ සරසවියේ ආර්ථික විද්‍යා දෙපාර්තමේන්තුව සිදු කළ එම අධ්‍යයනයේ ප්‍රතිඵල පෙන්වා දෙන්නේ, මෙරට නීතිවිරෝධී මත්පැන් පරිභෝජනය සියයට 49ක් වන බවයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය සහ අනෙකුත් ආයතන ඉදිරිපත් කර ඇති සංඛ්‍යාලේඛණ සමග මෙය ගැලපේ.
වැඩියෙන්ම භාවිතා වන දිස්ත්‍රික්ක හය
නීතිවිරෝධී මත්පැන් භාවිතය වැඩියෙන්ම සිදු වන දිස්ත්‍රික්ක ලෙසින් නුවර එළිය, පුත්තලම, කෑගල්ල, මොනරාගල, බදුල්ල සහ කිලිනොච්චිය හඳුනාගෙන ඇත.
මත්පැන් පානය කිරීමට පෙළෙඹෙන්නන් අතර නීතිවිරෝධී මත්පැන් භාවිතය වසරකට ලීටර් 14ක් පමණ වන බවත්, නීතිවිරෝධී මත්පැන් පානය කරන්නන් අතර එය ලීටර් 53ක් බවත් එම අධ්‍යයනයෙන් හෙළිව තිබේ.
නීතිවිරෝධී මත්පැන් පානයට ඇබ්බැහි වී සිටින්නේ, නීතිවිරෝධී මත්පැන් ලෙහෙසියෙන් ලබා ගැනීමට හා සපයා ගැනීමට හැකි වීම සහ ලාභදායී වීම නිසායි.
දුර්වල ක්‍රියාමාර්ග
කෙසේ වෙතත්, නීතිවිරෝධී මත්පැන්වල මිල ගණන් ද ඉහළ ගොස් ඇතැයි අධ්‍යයනයෙන් පෙන්වා දෙයි.
කෙසේ වෙතත්, නීතිවිරෝධී මත්පැන්වලට එරෙහිව ගෙන ඇති පියවර ඉතා දුර්වල තත්ත්වයක පවතින නිසා විකල්ප ක්‍රියාමාර්ගවලට යොමු වීමේ අවශ්‍යතාව ද ඉන් අවධාරණය කර ඇත.
දූරදර්ශී බදු අවශ්‍යයි
නීතිවිරෝධී මත්පැන් මිල යුක්තියුක්ත කොට ඒවා භාවිතය අධෛර්ය කරවීම හරහා ඉන් ආර්ථිකයට, සෞඛ්‍යයට, සමාජයට සහ මානසික වශයෙන් ඇති වන බලපෑම අඩු කර ගත යුතු බවට ඉන් නිර්දේශ කර තිබේ.
නීතිවිරෝධී මත්පැන් වෙළෙඳපොලේ නැඹුරුව සම්බන්ධයෙන් රජය නිරතුරුවම අවධානයන් පසු විය යුතු බව ද එම අධ්‍යයනයෙන් පෙන්වා දී ඇත.
නීතිවිරෝධී මත්පැන් පරිභෝජනය ඉහළට
2017-11-02T13:58:00+05:30
Gossip Lanka Hot News
slide|