gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මෛත්‍රී හමු වෙන්නැයි කළ ඉල්ලීම මහින්ද ප්‍රතික්ශේප කරයි

සාකච්ඡාවක් සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිදුකර ඇති ආරාධනය පිළිනොගෙනීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබේ.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම මෙම තීරණය ගෙන අති බව වාර්තා වේ.

පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ හෙට(03)
දිනයේ පැවැත්වෙන සාකච්ඡාවක් සඳහා සහභාගී වන ලෙස ශ්‍රීලංකා නිදහස් පක්ෂය විසින් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ලිඛිත  ආරාධනයක් සිදුකර තිබුණි.

ඒ අනුව අදාල සාකච්ඡාව සඳහා සහභාගී වන්නේද නැද්ද යන්න තීරණය කිරීමට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම ඊයේ(01) පස්වරුවේ  පාර්ලිමේන්තුවේදී හමුවී තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ මන්ත්‍රී  කණ්ඩායම තීරණය කර ඇත්තේ අදාළ සාකච්ඡාව සඳහා සහභාගී නොවී සිටීමටයි.

ඒ අනුව අද දිනය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඒ පිළිබඳව ලිඛිතව දැනුම්දීමට තීරණය වී ඇති බව වාර්තා වේ.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka