gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සෙල්ලම් කිරීමට ගිය නිසා උරණ වූ මව්පියන් දරුවා පුළුස්සලා

රුවන්ට පණ වගේ ආදරය රැකවරණය ලබාදෙන්නේ අම්මයි, තාත්තයි.

නමුත්, ආදරය රැකවරණය ලබා දෙනවා වෙනුවට සෙල්ලම් කිරීමට ගිය තම දරුවාට මව පියා එක්ව දුන් අමානුෂික දඩුවමක් ගැන වාර්තා වන්නේ
මිනුවන්ගොඩ - කෝපිවත්ත ප්‍රදේශයෙන්.

මිනුවන්ගොඩ - කෝපිවත්ත ප්‍රදේශයේ 10 හැවිරිදි මහමුදු සදුර්දීන් මෙම සිද්ධියට මුහුණ දී තිබෙනවා.

සෙල්ලම් කිරීමට යාම නිසා ඊට උරණ වූ මව්පියන් සදුර්දීන්ගේ අත් පා යකඩ හැන්දකින් පුළුස්සා තිබෙනවා.

දින දෙකකට පෙර මෙම සිද්ධිය සිදුව ඇති අතර, ප්‍රදේශවාසීන්ගෙන් පොලිසියට තොරතුරක් ලැබෙන් ඊයේ (15) දිනයේදීයි.

ඒ අනුව මිනුවන්ගොඩ පොලිසිය සදුර්දීන් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

දරුවාට මෙතරම් තුවාල සිදුව තිබුණත් ඔහුට ප්‍රතිකාරයක් කිරීමට තරම් මේ මව සහ පියා මානුෂික වී නැහැ.

පොලිස් භාරයට ගත් දරුවා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ගම්පහ රෝහලට ඇතුළත් කර ඇති අතර, වැඩිදුර පරීක්ෂණ සඳහා ඔහු මීගමුව මහ රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.

සැකකාර මව සහ පියා මිනුවන්ගොඩ පොලිසිය ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගත්තා.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka